nsb

Mar 14, 2017

එකාබද්ධයේ 'වැඩක්' සැලසුම්කර ප්‍රසන්න රටින් පනී !

පළාත් පාලන මැතිවරණය කල්දමා වසර දෙකක් සපිරෙන මාර්තු 21 දින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ හිටපු පළාත් පාලන නියෝජිතයින් දහස් ගණනක් කොළඹට කැඳවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ කාර්යාලය වටලා දැවැන්ත විරෝධය සංවිධානය කිරීමේ වගකීම පවරාගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා හදිසියේම විදේශගතව තිබේ.

පළාත් පාලන අමාත්‍යංශය අසල විරෝධතාවයෙන් අනතුරුව, 'මිනී පෙට්ටියක්' සමග පෙළපාලියකින් බොරැල්ල කනත්ත දක්වා ගොස් එයට ගිනිතැබීමට කටයුතු යොදා තිබු අතර ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සංවිධායක කමිටුවේ කිසිවකුටත් නොදන්වා ඕස්ට්‍රේලියාව බලා පිටත්වගොස් ඇති හෙයින් එම විරෝධතා වැඩසටහන අකුලා දැමීමට ඒකාබද්ධ විපක්ෂය ඊයේ (13) තීරණය කර ඇත.

මෙය වගකීම් විරහිත බරපතල ක්‍රියාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ දැඩිව විවේචනය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක්, ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයට ආණ්ඩුව සමග රහස් ගණුදෙනු ඇතැයි චෝදනා කර තිබේ.

මේවනවිට ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ උපදෙස් අනුව බව වැඩිදුරටත් පවසා ඇති එම මන්ත්‍රීවරුන්, ප්‍රසන්න රණතුංග මහතා පසුගිය කාලයේ මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියා ගණනාවක් සිදුකළ බව සිහිපත් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top