Mar 15, 2017

අලුත් ව්‍යවස්ථාවකට ජනමත මෙහෙයුම රාජිතට

අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් වූ ජනමත විචාරනයක් සඳහා ජනමතය සැකසීමේ ප්‍රචාරක මෙහෙයුම අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පැවරී ඇතැයි වාර්තාවේ.

පසුගියදා රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකු කැඳවා ඇති අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හා අගමැතිවරයා එම වගකීම තම වෙත පවරා ඇතැයි පවසා තිබේ.

ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිවිල් සංවිධාන රාශියක් සමග ඒකාබද්ධව එම ප්‍රචාරක මෙහෙයුම රාජ්‍ය මාධ්‍ය ආයතන හරහා පළමුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකගේ මෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ මතය වී ඇත්තේ, නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයකට නොයා යුතු බවයි.

එහෙත්, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ජිනීවාහි දී අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරනයකට යායුතු බව කියා සිටියේය. 

මතුවට ජන වාර්ගික ගැටුම් ඇති නොවන බව තහවුරු කර ගැනීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් ක්‍රියාවලියක් යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවත් එය ජනමත විචාරණයකට යොමුකරන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ජාත්‍යන්තරය හමුවේ සහතික විය.

ජාතික ව්‍යාපාරයක් :
මේ අතර අලුත් ව්‍යවස්ථාවක් සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීමේ අරමුණින් ජනතාව ගොනුකිරිම උදෙසා,  ආණ්ඩු වෙනසකට දායකවූ සිවිල් සංවිධාන කිහිපයක් ගොනුවී 'අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය' නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති අතර එහි පළමු සම්මන්ත්‍රණය අද (15) සවස 3.00ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

Constitution 670px 17 03 15


සබැඳි පුවත් :
රතන හිමි ව්‍යවස්ථා විරෝධී සටන අතට ගනී
'නව ව්‍යවස්ථාවක් ගේනවා' - මංගල ජිනීවාහි දී සහතිකවේ 
'ව්‍යවස්ථා ජනමත විමසුම අපි දිනවනවා' - මංගල
ජනමතයකට ගියොත් ආණ්ඩුව පරාදයි - චම්පික
නව ව්‍යවස්ථාව : 'වචන හරඹයක්' - ශ්‍රීලනිප 
"ආණ්ඩුව මුට්ටිය දාල බලනවා" - ඒකාබද්ධයෙන් චෝදනා 
“සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” -සුමන්දිරන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top