nsb

Mar 15, 2017

අජිත් කබ්රාල්ටත් බැඳුම්කර සමාගම සමඟ ඥාති සබඳතා Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් දෙදෙනෙකු හා පර්පෙචුවල් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් සමඟ පැවති ඥාති සබඳතාවයන් නිසා එම ආයතන දෙකෙහි උසස් නිලධාරීන් අතර ආරම්භයේ සිටම අභිලාෂයන් පිළිබඳ ගැටුමක් පැවැති බව බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂම ඉදිරියේදී ඊයේ (14) අනාවරණය විය.

පර්පෙචුවල් සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන ඇලෝෂියස් මහතා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වීමට අමතරව එම සමූහයේ අනුබද්ධිත සමාගමක අධ්‍යක්ෂධුරයක් එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරියක දැරූ බවද එහිදී හෙළිවිය.


කබ්රාල් මහතාගේ සොහොයුරියක් වන ශ්‍රීමා වික්‍රමසිංහ මහත්මිය, පර්පෙචුවෙල් ඉන්වෙස්ට්මන්ට් ‍හෝල්ඩිංග්ස්සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කර ඇති බව කොමිෂමේ සාමාජික පී.එස්. ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමා විසින් කරන ලද විමසීමක් අනුව ඊයේ පැවති සාක්කි විභාගයේ දී පැහැදිලිවිය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී.චිත්‍රසිරි (සභාපති) සාමාජිකයන් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර පී.එස්. ජයවර්ධන හා විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කොමිසම ඊයේ පෙරවරුවේ අළුත්කඩේ පිහිටි කොමිෂන් ශාලාවේදී රැස්විය.

කොමිෂම යළි අද පෙරවරුවේ රැස්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top