nsb

Mar 15, 2017

සමයංව මැරූවන් අනිවාර්යෙන් මරණ බවට ආමි අසංක කියලා

උදුගොඩ පතිරන්නැහැලාගේ අරුණ උදයන්ත නොහොත් සමයංව මැරූ “අංගොඩ ලොක්කාව” අනිවාර්‍යයෙන්ම ඝාතනය කරන බව ආමි අසංක නොහොත් මෝල් අසංක නමැත්තා දිවුරා ප්‍රකාශ කර ඇති බව ආමි රොෂාන් නමැති පාතාල සාමාජිකයා ප්‍රකාශ කර තිබේ.

මෝල් අසංක නමැති තැනැත්තා යුධ හමුදා විශේෂ බලකායේ හිටපු සාමාජිකයෙකු වන අතර දිවයින පුරා මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ ස්ත්‍රී දූෂණ රැසකට චෝදනා ලබා බන්ධනාගාර ගතවී සිටියි.

ආමි අසංක මේ මොහොත වන විටත් බන්ධනාගාරය තුල සිටිමින් මෙම ඝාතනය සැලසුම් කරන බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

මූලාශ්‍රය - හරිගොසිප්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top