nsb

Mar 15, 2017

කොල්ල කෑ නෞකාව මුදාගැනීමේ මෙහෙයුම් අරඹයි Featured

සෝමාලියාවට නුදුරු මුහුදේ දී පසුගිය සඳුදා (මාර්තු 13) පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලාංකික නැවියන් 08 දෙනා සහිත නෞකාව මුදා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රීක මෙහෙයුම් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා රජය සමග සෝමාලියානු රජය සහ ජාත්‍යන්තර සංවිධාන 04ක් ඒ සඳහා එක්ව සිටිති.

එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ කටයුතු ආයතනය, යුරෝපා කොමිසම, නේටෝ සංවිධානය සහ බහරේන්හි ‘‘සී එම් එස්‘‘ ආයතනය මුහුදු කොල්ලකරුවන් රඳවා ගෙන සිටින පිරිස් බේරා ගැනීමට එක්ව සිටින සංවිධානයි.

මුහුදු කොල්ලකරුවන් භාරයට පත්ව ඇති ශ්‍රීලාංකිකයින් වන්නේ එස්.ඒ. නිකලස් - යාපනය, කේ.ටි.ටී.ආර්. සම්පත් - මතුගම මීගහතැන්න, ඞී.එම්. අනුරංග - ගාල්ල, කේ. ජයන්ත - කොළඹ, එල්.එච්.එස්. ශමේන්ද්‍ර - මාතර, බි.සි. පෙරේරා - ගම්පොළ, කේ.ඒ. ශන්මුගම් - මාතලේ, වී.එල්. ඉඳුනිල් - ඉමදූව යන අයයි.

කොල්ලකරුවෝ කප්පම් ඉල්ලති:

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව මුදාහැරීම සඳහා සන්නද්ධ කොල්ලකරුවන් කප්පම් ඉල්ලා සිටින බව මුහුදු කොල්ලකෑම් මැඬලීම සඳහා වන යුරෝපා හවුලේ නාවික හමුදාව තහවුරු කර ඇති බව 'බීබීසී සංදේශය' වාර්තා කර සිටියි.

නෞකාවේ කපිතාන්වරයා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට හැකිවූ බව යුරෝපා හවුලේ නාවික හමුදාව පවසයි.

සෝමාලියාවට නුදුරු පුන්ට්ලන්ඩ් උතුරු මුහුදු තීරයේ තොටුපළක නෞකාව නවතා තිබෙන බවත් නෞකාවේ කාර්ය මණ්ඩලය රඳවාගෙන සිටින බවත් කපිතාන්වරයා පවසා ඇත.

අධිවේගී යාත්‍රා දෙකක් :

'ඒරිස් 13' නම් මෙම නෞකාව ජිබුටි සිට සෝමාලියාවේ මොගඩිෂු අගනුවර බලා ගමන් කරමින් සිටියදී, අධිවේගී යාත්‍රා දෙකක් තමන් ලුහුබඳිමින් සිටින බවට පණිවිඩයක් එම නෞකාවෙන් මුදා හැර තිබේ.

2012 වසරට පසුව සෝමාලියානු මුහුදු තිරයේදී වෙළඳ නෞකාවක් පැහැරගනීමට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

2f5653e458514718b91cb39bbbd702e4 18

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top