nsb

 මුහුණ වසාගත් සෝමාලියානු කොල්ලකරුවෙක් වසර 2012 දී AP කැමරාවකට හසුව තිබූ අයුරු.. මුහුණ වසාගත් සෝමාලියානු කොල්ලකරුවෙක් වසර 2012 දී AP කැමරාවකට හසුව තිබූ අයුරු..
Mar 16, 2017

නෞකාව මුදාහැරීමට කෝටි 76ක කප්පමක් ඉල්ලති Featured

ශ්‍රී ලාංකික නැවියන් අටදෙනකු සමඟ පසුගිය සඳුදා (මාර්තු 13) සෝමාලියාවට නුදුරු මුහුදේ දී පැහැරගත් ඒරිස්‌-13 තෙල් නැව මුදාහැරීමට නම් ඩොලර් මිලියන 5 ක්‌ (රුපියල් කෝටි 76 ක්‌) කප්පම් ගෙවිය යුතු බව සෝමාලි කොල්ලකරුවන් එමීර් රාජ්‍යයේ අප්‍රිරෝරා නැව් සමාගමට දැනුම් දී ඇත.

මෙම නැව සෝමාලියාවේ ප්‍රාන්ත රාජ්‍යයක්‌වූ ප්‍රන්ට්‌ලයින්හි අලුලා වරාය අසල රඳවා ඇති බව වාර්තා වී තිබේ.

නැවට සන්නද්ධ පිරිසක්‌ ගොඩවැදී ඇති බව අලුලා නගරයේ ගෝත්‍රික නායකයකුවූ සලාද් නූර් චන්ද්‍රිකා දුරකථන සබඳතා ඔස්‌සේ විදේශ මාධ්‍යවලට දන්වා ඇත.

එම ගෝත්‍රික නායකයා තවදුරටත් පවසා ඇත්තේ ධීවරයන් මෙන්ම මුහුදු කොල්ලකරුවන්ද නැව පැහැර ගැනීම සිදුකර ඇති බවයි.

ඊයේ පස්වරුවේ මුහුදු කොල්ල කල්ලිය ප්‍රධාන ඉල්ලීම කිරීමෙන් පසු යළි ඔවුන්ගේ සන්නිවේදන කටයුතු නවතා ඇතැයි වාර්තා වෙයි.

ඒරීස්‌ 13 නැව ජිබුති සිට සෝමාලියාවේ මොගඩිෂු වරායට ඉන්ධන ගෙනයමින් සිටි අවස්‌ථාවේ මුහුදු කොල්ලකරුවන්ට අසුවී තිබේ.

මේ අතර බහරේන්හි සිටින ඇමරිකානු පස්‌වැනි නාවුක බළකායද මෙම සිද්ධිය ගැන පරීක්‍ෂණ අරඹා තිබේ.

ශ්‍රී ලංකික කාර්ය මණ්ඩලය :

නෞකාවේ සිටි ශ්‍රී ලාංකික නැවියන් 8 දෙනා කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කර තිබේ.

ඔවුන් පිළිබඳ සියලු තොරතුරු ඉන්ධන නැව හිමි අනෝරා ෂිප් මැනේජ්මන්ට් සමාගම විසින් රජයට ලබා දී තිබේ

මෙම නෞකාවේ ප්‍රධාන නාවික නිලධාරී ලෙස කටයුතු කර ඇත්තේ කේ.ටී. ප්‍රේමනාත් රුවන් සම්පත් නැමැති මතුගම පදිංචිකරුවෙකි.

සෙසු සේවකයින් වනුයේ සම්පත් - මීගස්තැන්න, අනුරංග - ගාල්ල, නිකලස් - යාපනය, ජයන්ත - කොළඹ, ‍ශවේන්ද්‍ර - මාතර, ෂන්මුගම් - මාතලේ, ඉඳුනිල් - ඉමදූව, බී.සී. පෙරේරා - ගම්පල ය.

ඔවුන්ගේ ජීවිතවලට කිසිදු ආකාරයෙන් අනතුරක් සිදුවීමට ඉඩ නොදී ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගනිමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුලුගේ මහතා ප්‍රකාශ කළේය.

කොමරෝස්හි ලියාපදිංචි වී ඇති එම නැව පසුගිය ජනවාරි 28 වැනිදා ඩුබායි සිට සෝමාලියාව දක්වා යාත්‍රා කිරීම ආරම්භ කර තිබිණි. ඒ අතරතුර එම නැව තවත් රටවල් කිහිපයකටම ගොස් ඇතැයි පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top