nsb

Mar 16, 2017

අනුර සේනානායක විත්ති කුඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් කරයි

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරිමට ආධාර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා  මාර්තු 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොස්කි මහතා අද (16දා) නියෝග කළේය.

 අනුර සේනානායක මහතා විත්ති කුඩුවේ සිට  මහේස්ත්‍රාත්වරයා අමතමින්  විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ තාජුදීන් ඝාතනය කළ සැබෑ මිනීමරුවා අත්අඩංගුවට  ගන්නා ලෙස තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  බල කර සිටින බවයි.

තමන්ට එරෙහිව පවතින්නේ තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන්  කිරීමේ චෝදනාව බව සඳහන් කරන අනුර සේනාරත්න මහතා එවැනි චෝදනා එල්ල වී ඇති අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කළ හැකි නමුත් මාස 10කට ආසන්න කාලයක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව පෙන්වා දී තිබේ.

ඇප නියම නොකිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඒ හේතුවෙන් තමා කායික හා මානසික වශයෙන් දැඩි ලෙස පීඩනයට ලක්ව ඇති බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top