nsb

Mar 17, 2017

සෙන්පතියන් පහකට වදක චෝදනා !

හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු මුල් පෙලේ සෙන්පතියන් පස් දෙනකුගේ අණ යටතේ පවත්වාගෙන ගිය බවට චෝදනා කෙරෙන නිල නොවන වධකාගාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කැඳවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවේ දී වධබන්ධන පමුණුවනු ලබන බව ප්‍රසිද්ධියට පත් කර ඇති සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි “ජෝසප් කෑම්ප්” ලෙසින් ප්‍රසිද්ධියේ හඳුන්වනු ලබන වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය තුල ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද දුෂණය කිරීම ඇතුළු ලිංගික අපරාධ කෙරුනු වධකාගාරයක් පවත්වාගෙන ගොස් තිබේ.

එහි සිරකොට ගෙන සිටි එල්ටීටීඊ සැකකරුවන් සහ සැකකාරියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හමුදා බුද්ධි අංශයත්, පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය හා රහස් පොලිසියත් සිදු කළ බවට චෝදනා කෙරෙන වධහිංසා පිලිබඳ මහත් කම්පා කරවන සුළු විස්තර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ගොඩනැගිලි සංකීර්ණයේදී 16 බ්‍රහස්පතින්දා එලි දක්වන ලද වාර්තාවේ දැක්වෙයි.

දිවි ගලවාගත්තවුන් විසින් අඳින ලද සිරකුටි සහ ප්‍රශ්න කරන කාමර වල රූප සටහන් වලින්ද පිරුනු වාර්තාව පදනම් වී ඇත්තේ 46 දෙනකුගේ දිවුරුම් ප්‍රකාශ පදනම් කරගෙන බව ITJP පවසයි.

Joseph camp

ගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් :

Jagathjayasuriyaමහින්ද රාජපක්ෂ පාලන සමයේ දී මෙන්ම 2016 දෙසැම්බර් තරම් මෑත කාලයකදී මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලය තුලදීත් සිදු කරන ලද බවට චෝදනා කෙරෙන ලිංගික අපරාධ ඇතුළු වධහිංසා පිලිබඳ විස්තර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි තෙබසින්ම ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ සඳහන් වෙයි.

හිටපු හමුදාපති ද බ්‍රසීලයේ වර්තමාන ශ්‍රී ලංකා තානාපති ද වන මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය 2007 අගෝස්තු සිට 2009 ජුලි මැද දක්වා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.

ජෝසප් කඳවුරේ වධ බන්ධන පිළිබඳව විමර්ශනයක් පැවැත්වීම පිණිස ජෙනරාල් ජගත් ජයසූරිය ඔහුගේ තානාපති ධුරයෙන් වහාම පහකර ආපසු කැඳවන ලෙසත්, දකුණු අප්‍රිකාව පදනම් කරගත් මානව හිමිකම් සංවිධානය ඉල්ලා සිටියිYasmin Sooka1 284x360

“විලංගු, දම්වැල් සහ වධයට ගොදුරු වන්නන් දෙකකුලින් එල්ලා තබන පිණිස යොදා ගන්නා කප්පි වලින් යුත් ඒ සඳහාම ඉදි කරන ලද භූගත වද කුටි සහිත තම කඳවුරේ වධහිංසාව එදිනෙදා කටයුත්තක් නොවූ බව ජෙනරාල් ජගත් ජයසූරියට කිසිසේත් කිව හැකි නොවේ,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය.

“එකිනෙකා කෑමොර දෙනු සිරගත කොට සිටි අන් අයට ඇසුනේ නම්, ඔහුට එය නෑසී තිබෙන්නට විදියක් නැත.”

ශ්‍රී ලංකාව තුළ දෙමළ සිරකරුවන් වධහිංසාවට ගොදුරු කරගත් ප්‍රධාන වධකාගාරයක්  සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වගකිව යුත්තන්ට දඬුවම් පමුණුවනු වෙනුවට එහි අණදෙන නිලධාරීන්ට උසස්වීම් සහ වරදාන ප්‍රදානය කළ බවට රජය ITJP සංවිධානයේ දෝෂ දර්ශනයට ලක්ව සිටී.

Joseph camp 2

කමල් ගුණරත්න :

Kamalgunarathnaමේ කඳවුරේ 2009 සිට 2011 අණ දෙන නිලධාරියා වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න බව ITJP පෙන්වා දෙයි.

කොටිහඬ රූපවාහිනියේ නිවේදිකා ඉසෙයිප්‍රියා අත් අඩංගුවේදී ඝාතනය කිරීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන බවට එක්සත් ජාතීන් විසින් නම් කොට ඇති 53 වැනි බලකායේ ආඥාපති ලෙස කටයුතු කළේ මේජර් ජනරාල් ගුණරත්න බව එම වාර්තාව සිහිපත් කර දෙයි.

ඉහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අමතරව ජෝසප් කඳවුරේ වර්තමාන අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග මෙන්ම හිටපු අණදෙන නිලධාරීන් වන බොනිෆස් පෙරේරා සහ සුමේධ පෙරේරා යන පස් දෙනා සම්බන්ධයෙන් ද වහාම පරීක්ෂණ පවත්වන මෙන් ITJP ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියි.

වධහිංසාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා සහ වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකාවට යවා ජෝසප් කඳවුර සම්බන්ධයෙන් අංග සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ද වාර්තාව එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටී.

දිගටම සිදුවන වධහිංසා කිරීම් පිළිබඳ චෝදනා බරපතල කොට සලකන බව ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර  කියා තිබුනේ  වධබන්ධන කිසිසේත් නොඉවසන පිලිවෙතක් රජය විසින් අනුගමනය කරනු ලබන බවයි.

 


රජය චෝදනා ප්‍රතික්ෂේප කරයි :

ශ්‍රී ලංකාවේ තවමත් වධකාගාර පවත්වාගෙන යන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ජිනීවා නුවර නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ විසින්  ප්‍රතික්ෂේප කරන ලදී.

 අපරාධකරුවන්  පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා වධයට පත් වුවන්ගේ නම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලබා දෙන ලෙස වාර්තාව ජිනීවා හිදී එලි දක්වනු ලැබූ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගි වී සිටි තානාපතිවරයා විසින් කරන ලද ඉල්ලීම ITJP විසින් ප්‍රතික්ෂේප කෙරුනි.

 සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ට රැකවරණ සලසන නිසි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ නැති තත්වයක් තුළ නම් හෙළි කිරීම කළ නොහැකි බව යැස්මින් සූකා තානාපතිවරයාට පවසා ඇත.

Joseph camp map


(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top