nsb

Mar 17, 2017

මුදල් ඇමතිගෙ නිල රථය හැප්පිලා නෑ - මුදල් අමාත්‍යංශය

Update - මුදල් අමාත්‍ය රවී කරැණානායක මහතාගේ සුඛෝපභෝගී නිසාන් පැට්‍රොල් V8 ජීප් රථය අනතුරකට ලක්ව ඇති බව අප පළකර සිටියේ අපට ලැබුණු තොරතුරක් මත වන අතර, මුදල් අමාත්‍යවරයාගේ නිල රථය අනතුරකට ලක්ව නොමැති බව මුදල් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලිපියක් මගින් දන්වා සිටී.

අදාළ ලිපිය පහත දැක්වේ.

FinaceML 900px 17 03 17

රවී රට : ජීප්එක ඇනගෙන : බලය නැතුව යාපා කොටඋඩ

මුදල් අමාත්‍ය රවී කරැණානායක මහතාගේ සුඛෝපභෝගී නිසාන් පැට්‍රොල් V8 ජීප් රථය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මේවන විට මුදල් අමාත්‍යවරයා සිටින්නේ හොංකොං වෙත ගොස් බවත්, ඔහුගේ මෝටර් රථය අනතුරට පත්ව ඇත්තේ මුදල් අමාත්‍යංශයේ අමාත්‍යවරයාට හිතවත් සේවකයින් පිරිසක් එම ජීප්රථයෙන් මත්පැන් පානය කිරීමට ගොස් එන අතරවාරයේදීය.

මෙවැනි මෝටර් රථ ලංකාවටම ඇත්තේ තුනක් බවත් පැවසේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ KY - 8306 අංකය සහිත මෝටර් රථයයි.

කරුණානායක මහතා විදෙස්ගත වනවිට මුදල් අමාත්‍යංශයේ වැඩ බැලීමට නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර නොයාම හේතුවෙන් එම අමාත්‍යංශයේ වැඩකටයුතුද අඩාලවී ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, අදාළ මෝටර් රථය මීට පෙරද අනතුරකට ලක්ව තිබූ බව එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top