nsb

Mar 17, 2017

මහින්දට බුද්ධශාසන ඇමතිකම: දුන්නොත් මහණවෙනවා - මහින්ද

මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (16) පැවැති උත්සවයකදී තංගල්ලට ධීවර ඇමතිකම් තුනක් ඇති බැවින් අමාත්‍ය මහින්ද අමරවීට විශේෂ ඇමතිකමක් දෙන බව ජනපති පැවසීමෙන් පසුව එම උත්සවයේ සිටි සංඝ නායක හිමිනමක් නැගීසිට අමරවීර මහතාට බුද්ධශාසන කටයුතු ඇමතිකම දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලා තිබේ.
 
එය ඇසුණු සැණින් නැගී සිටි අමරවීර මහතා තමාට බුද්ධශාසන ඇමතිකම දෙනවට වඩා මහණවෙන එක හොඳයැයි පවසා තිබේ.
 
කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව නව කැබිනට් සංශෝධනයෙන් අමරවීර මහතාට වරාය සහ නාවික අමාත්‍ය ධූරය ලබාදීමට සැරසෙන බව පැවසේ.
 
ඔහුට දක්ෂිණ ලංකා සංවර්ධන අමාත්‍ය ධූරය ලබාදීමට ද යෝජනාවී ඇති බවට මේ අතර රාවයක් පැතිරගොස් තිබේ.
 
දැනට දක්ෂිණ ලංකා සංවර්ධන අමාත්‍ය ධූරය දරනු ලබන්නේ සාගල රත්නායක මහතා විසිනි.
 
  

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top