15976 BM WEB BANNER 01
Mar 18, 2017

කැබිනට් නියෝගයට පිටින් කරුංකාවලට යළි බලපත් Featured

කැබිනට් මණ්ඩල තීරණයක් අනුව දෙදහස් දාහතර වර්ෂයේ දී කරුංකා අපනයන සැලසුම් සඳහා තාවකාලික ආනයනයට ලබා දුන් බලපත්‍ර TLEP අහෝසි කර තිබිය දී ඒ සඳහා වත්මන් කැබිනට් මණ්ඩලය විසින් කිසිදු නව තීරණයක් ගෙන නොතිබිදී, ශ්‍රී ලංකා රේගුව කරුංකා ආනයනය කිරීමට සමාගම් තුනකට අදාළ බලත්‍ර  නීති විරෝධීව ලබා දී ඇති බව වාර්තා වේ.

මේ බව හෙළි වී ඇත්තේ අදාළ සමාගම් තුන විසින් කරුංකා ආනයනය කිරීමෙන් පසු ඒ සඳහා ශාඛා නිරෝධාන සහතිකය ලබා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කිරීමේ දීය.

මෙසේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ආනයනික කරුංකා සඳහා ලිඛිත ඉල්ලීමක් කර ඇත්තේ Fancy Trders, R.M.Holding හා Commodities for Porter යන සමාගම් තුන වේ.

එම සමාගම් ඔවුන්ට ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති TLEP බලපත්‍ර ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාජල්වරයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ලිඛිතව විමසා ඇත්තේ ඔහු වෙත ඉදිරිපත් කර ඇති බලපත්‍ර නිර්ව්‍යාජ ඒවා ද යන්න ඔහුට සහතික කර දන්වන ලෙසය.

මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරන ලද විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ අදාළ බලපත්‍ර ලබා දෙන සමන් ද සිල්වා නමැති රේගු නිලධාරියා විදේශගත වී ඇති බැවින් ඔහු පැමිණි පසු පිළිතුරක් ලබා දිය හැකි බවය.

(රාවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top