nsb

Mar 18, 2017

සමයං ඝාතනයට හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

පාතාල නායක සමයං ඇතුළු 07 දෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කඩුවෙල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිමෙන් අනතුරුව මුදා හැර ඇති බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරුණු නාගරික මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ අයෙකු බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ඝාතනවලට සම්බන්ධ තවත් සැකකාරියක් සහ සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මිට පෙර අත්අඩංගුවට ගනු ලැබිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top