nsb

Mar 18, 2017

කීත් නොයාර් උසාවි නොආවොත් CIDය අර්බුදයක ! Featured

පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය සඳහා ලබන 30 වැනිදා ගල්කිස්‌ස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස 'ද නේෂන්' පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් මහතාට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17 දා) දැනුම් දී ඇත.

මේ වන විට කීත් නොයාර් මහතා ඔස්‌ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව එම දැනුම්දීම කර ඇත්තේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහාය.

ඊළඟ නඩු දිනයේදී පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරෙට්‌ටුව සඳහා කීත් නොයාර් මහතා ඉදිරිපත් කරන ලෙස ගල්කිස්‌ස අධිකරණය මඟින් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (16 දා) නියෝග කර තිබිණි.

ඉකුත් 2008 වසරේදී කීත් නොයාර් මහතාව නාඳුනන පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ සිරකර තබාගෙන අමානුෂික ලෙස පහරදී මුදාහැර තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකු ඇතුළු බුද්ධි අංශ සාමාජිකයන් හය දෙනකු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුහු බන්ධනාගාරගත කරනු ලැබූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top