Mar 19, 2017

රෝයල් - තෝමියන් තරගයේදී සිසුවාට පහරදුන් සජිත්ට දේශපාලන රැකවරණ

රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර ඊයෙ (18) එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ පැවති සීමිත පන්දුවාර තරගය අතරතුරදී සිසුවෙකුට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළ තරග සංවිධාන කමිටුවේ සාමාජික සජිත් කුලරත්න අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් මඟහරිමින් සිටින බව වාර්තා වේ.

ඒ ඔහුට දේශපාලන බලවතෙකුගේ සහය ලැබෙන නිසා බව පැවසේ.

සජිත් විසින් කළ ප්‍රහාරයෙන් අසාද්‍ය තත්ත්වටපත් පහරකෑ සිසුවාගේ එක් ඇසක පෙනීම අඩුවී ඇති බවද රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම සිසුවා මේවන විට ආසිරි ශෛල්‍ය වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සජිත් කවුද ?

සජිත්, ශාන්ත තෝමස් විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු බවද මේ අතර වාර්තා වේ.

ඔහු මෙලනියම් එයාර්ලයින්ස් (Millennium Airlines) ගුවන් සේවයේ ගුවන් නියමුවකු බවත් පැවසේ.

රාජකීය විදුහලේ ක්‍රීඩකයකු වන තෙවිඳු සේනාරත්න අර්ධ ශතකයක් වාර්තාකළ අවස්ථාවේදී, ඔහුට සුබ පැතීම සඳහා ඔහුගේ පාසල් මිතුරන් පිරිසක් ක්‍රීඩා පිටියට කඩාවැදී තිබේ.

එම අවස්ථාවේදී තරඟ සංවිධායක කමිටුවේ සාමාජිකයකු වන සජිත් කුලරත්න නමැති ශාන්ත තෝමස් ආදී සිසුවා, රාජකීය විදුහලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා අල්ලාගෙන අතින් පයින් පහරදී බිමපෙරලා පාදයෙන් හිසට ද පහරදී තිබේ.

රාජකීයන්ට පරාජයක් :

'මස්ටන්ග් ශුරතාවය (mustangs trophy) වෙනුවෙන් ද 42වන වරටත් සංවිධානය කර තිබු අද පැවති සීමිත පන්දුවාර 50-50 තරඟයේදී රාජකීය විදුහල පරදා ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට ශාන්ත තෝමස් විදුහල සමත්විය.

සිය පාන්දුවාර 50 තුලදී කඩුලු 07ක් දැවී ලකුණු 258 රැස්කිරීමට ශාන්ත තෝමසුවන් සමත්වූ අතර රාජකීයන්ට සිය පන්දුවාර 50 තුලදී ලබා ගත හැකි වුයේ කඩුලු 09 කට ලකුණු 247ක් පමණි.

සබැඳි පුවත්
රෝයල් - තෝමියන් තරගයේදී සිසුවකුට මාරාන්තික ප්‍රහාරයක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top