Mar 20, 2017

මහනුවර මැයිරැලියට නොඑන රාජපක්ෂලා දොට්ට Featured

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තම පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙවර මැයි දින පෙළපාලියට සහභාගී නොවුවහොත් ඔවුන් වහාම පක්ෂයෙන් නෙරපා දැමීම යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් යෝජනා කර තිබේ.

ජනාධිපතිවරයා සමග පසුගිය අඟහරුවාදා පැවති ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ රැස්වීමේදී එම යෝජනාව ඉදිරිපත්ව ඇති අතර එය පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත්කර එහි අනුමැතිය ලබාගැනීමට තීන්දු කර ඇත. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

මෙවර ශ්‍රීලනිප මැයි රැලිය මහනුවරදී පැවැත්වීමට එහිදී තීන්දු කර ඇත.

රැලිය බෝගම්බර පිටියේ පැවැත්වීමට යෝජනා වුවද ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ඊට එරෙහිවී තිබේ.

ඒ අනුව රැලිය මහනුවර වෙළඳපල ඉදිරිපිට පැවැත්වීමට තීන්දු කර ඇති අතර,  එහි මුලික සංවිධාන කටයුතු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වෙත පවරා ඇත.

පසුගිය ශ්‍රීලනිප මැයි දින පෙළපාලිය හා රැලිය වර්ජනය කරමින් කිරුලනදී වෙනම රැළියක් පැවැත්වූ ශ්‍රීලනිප රාජපක්ෂවරුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්න බව එම පක්ෂයේ නායකයින් කියා සිටියද එවැනි කිසිඳු පියවරක් ගනු නොලැබිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top