15976 BM WEB BANNER 01
Mar 20, 2017

කාන්තාව ලිංගික භාණ්ඩ කරගත් පත්තර (වීඩියෝ)

ගෙවුණු කාන්තා දිනයේ වැඩියෙන්ම අලෙවි වූ භාණ්ඩය කාන්තාව බව සමාජ විචාරක මතය වේ.

ඔවුන් මේ නිගමනය දෙනු ලබන්නේ බැංකු, රක්ෂණ, රෑපලාවන්‍ය, වෛද්‍ය ආදී ආයතන වල පලවු දැන්වීම් හා රූපවාහිනී වැඩසටහන් වලට අනුවය.

මේ අතර, තෝරාගත් සිංහල පුවත්පත් කිහිපයක් තුළ කාන්තාවන් නිරූපණය වී තිබූ ආකාරය සම්බන්ධයෙන් Ethics Eye විසින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් ද කරලියට පැමිණ තිබේ.

අදාළ, සමීක්ෂණය  ලංකාදීප, දිවයින, දිනමිණ, මව්බිම, ඉරිදා ලංකාදීප, ඉරිදා දිවයින, ඉරිදා මව්බිම හා සිළුමිණ  පුවත් පත් යෙදාගෙන සිදුකර තිබේ.

එම සමීක්ෂණයට අනුව පුවත්පත් කාන්තාව පුවත්පත් තුළ ලිංගික භාණ්ඩයක් ලෙස සැලැකීම, බාහිර ස්වරූපය හෝ සුන්දරත්වය ඉස්මතුකරමින් පුවත් පළ කිරීම හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම්කරගත් කොන් කිරීමද ඇතැයි එහි දැක්වේ.

ඊට අදාළව ඔවුන් වීඩියෝවක්ද සකසා තිබේ. එය පහත පළවේ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top