nsb

Mar 20, 2017

රේගුව ඇල්ලු සිගරට් කන්ටේනරයක් මුදාහරින්නැයි බලපෑම්

ඉතාලියේ සිට ගෙන්වන ලද දුම්වැටි හා මත්පැන් ඇතුළත් කන්ටේනරයක් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලෙස රේගුවේ ඉහළ බලධාරීයෙකුගෙන් පහල නිලධාරීන්ට බලපෑම් එල්ලවෙමින් පවතින බව රේගු ආරංචි මාර්ග පවසයි.

පෑලියගොඩ NNR අංගණයේ දැනට පවත්නා අඩි 40ක් දිග මෙම කන්ටේනරය රේගුවේ අතිරේක අධ්‍යක්ෂවරයෙකුගේ බෑණාට අයත් සමාගමකින් ගෙන්වා ඇති බව සඳහන්ය.

ඒ අනුව පෞද්ගලික මට්ටමේ භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයක් ලෙස සලකා අදාළ කන්ටේනරය නිදහස් කරන ලෙස මෙම අධ්‍යක්ෂවරයාගෙන් නිලධාරීන්ට බලපෑම් එල්ල වන බව කියැවෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳවල මහතා කියා සිටියේ එවන් කන්ටේනරයක් පිළිබඳ තමන් දැනුවත්ව නොමැති බවයි.

එසේ වුවද මෙම ආන්දෝලනාත්මක කන්ටේනරයේ අංකය වන්නේ SEGU 4515240 බවත්, එහි අහුරා ඇත්තේ නීති විරෝධීව ගෙන්වන ලද දුම්වැටි හා මත්පැන් බවත් විශ්වසදායි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

(අද දෙරණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top