Mar 21, 2017

නව ව්‍යවස්‌ථාව : 'ස්‌ථිරවම ජනමත විචාරණයක්‌ තියනවා'

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සඳහා නියත වශයෙන්ම ජනමත විචාරණයක්‌ පවත්වන බවත් එලෙස ජනමත විචාරණයකින් තොරව සම්මත වන ව්‍යවස්‌ථාවකින් ඵලක්‌ නොවන බවත් සභානායක උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

නව ව්‍යවස්‌ථාවට ජනමත විචාරණයකින් රටේ ඇති බහුතරයක ගේ සහයෝගය ලබාගත හැකි බවද හෙතෙම කීය.

ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස්‌ පළ කළේ උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පසුගියදා ගම්පොල ප්‍රදේශයේ නව පර්යේෂණාගාරය සහ යන්ත්‍රාගාරය විවෘත කිරීමේ උළෙල දීය. 

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

''යෝජිත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කළ පසු රජය විසින් ජනමත චිචාරණයකට එය යොමු කරනවා. ජනමත චිචාරණයකින් තොරව සම්මත වන ව්‍යවස්‌ථාවකින් රටට වැඩක්‌ නැහැ.

ජනමත විචාරණයකට අපි ඇයි බයවෙන්නේ.

නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් ජනමත විචාරණයක්‌ පැවැත්වුවහොත් රටේ අති බහුතරයේ සහයෝගය එයට ලබාගත හැකි බව රජයට විශ්වාසයි. 

පාර්ලිමේන්තුවේ 2/3 බලය පමණක්‌ පාවිච්චි කරලා සම්මත කරන්නේ නැහැ. ජනතාවගේ කැමැත්ත අනුවයි රජය කටයුතු කරන්නේ. අපි ජනමත විචාරණයකට කිසි දවසක බිය වෙන්නේ නැහැ.''

කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනමත විචාරණයකට යාම විරෝධය පළකර තිබේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකක් ඡන්දයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙහි එම පක්ෂයේ අවධානය යොමුව තිබේ.

සබැඳි පුවත් :

ශ්‍රීලනිපයේ මතය නැතුව ව්‍යවස්ථාව ඇනහිටී !
අලුත් ව්‍යවස්ථාවකට ජනමත මෙහෙයුම රාජිතට 
රතන හිමි ව්‍යවස්ථා විරෝධී සටන අතට ගනී
'නව ව්‍යවස්ථාවක් ගේනවා' - මංගල ජිනීවාහි දී සහතිකවේ 
'ව්‍යවස්ථා ජනමත විමසුම අපි දිනවනවා' - මංගල
ජනමතයකට ගියොත් ආණ්ඩුව පරාදයි - චම්පික
නව ව්‍යවස්ථාව : 'වචන හරඹයක්' - ශ්‍රීලනිප 
"ආණ්ඩුව මුට්ටිය දාල බලනවා" - ඒකාබද්ධයෙන් චෝදනා 
“සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” -සුමන්දිරන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top