Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 21, 2017

බල්ලන්ගේ වැඩට බූරුවෝ ජපන් යවන කුඩා තේවතු සංවර්ධන අධිකාරිය Featured

වෘත්තියට අදාළ නොවන කාරණාවකට තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙදෙනෙකු ජපානයට යැවීමට සූදානම් වන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
 
මෙසේ ජපානයට යැවීමට සූදානම් වන්නේ පරිගණක දත්ත සැලැසුම්කරණ නිලධාරියකු වන රෝහිත වෛද්‍යරත්න හා වැඩබලන මානව සම්පත් කළමනාකරු හර්ෂාන් ද සිල්වා යන දෙදෙනාය.
 
හර්ෂාන්ට අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයද අසමත් වූවෙකු බවටද චෝදනා එල්ලව තිබේ.
 
මොවුන් ජපානයට යැවීමට සැලැසුම්කර ඇත්තේ හන්තානේ පිහිටි රත්නසිරි වික්‍රමනායක පුහුණු මධ්‍යස්ථානයට සූර්ය බල විද්‍යුත් පද්ධතියක් සවිකිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහාය.
 
මේ සංචාරයට කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා ද සහභාගිවන බව පැවසේ.
 
ඔවුන් ලබන 26 වැනිදා ජපානය බලා පිටත්ව යාමට නියමිතය.
 
කෙසේවුවද, ජනවහරේ ඇති ආප්තෝපදේශයක් වන බල්ලගේ වැඩේ බුරුවට පවරලා යන්න මේ සිද්ධියට ආදේශකරමින් කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මේ සංචාරයට මොවුන් තේරීම සම්බන්ධයෙන් හාස්‍යට ලක්කර ඇතැයි වාර්තා වේ.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top