nsb

Nov 02, 2016

කඳුළු අතරින් ප්‍රණාමය පුදන මහේල

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කරනු වස් සහාය දුන් සියලු ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුද කරන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ අදාළ රෝහල ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් රැස්කිරීම සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු පාගමන අවසානයේ කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ඊට මුල් ගල් තැබූ අවස්ථාවේ අදහස් දක්වමිනි.

පාගමන නිමාවීම සිය උත්සාහයේ එක් සන්ධිස්ථානයක් වුවත්, එය අවසන් වන්නේ රෝහල ඉදිකර රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන අවස්ථාවේ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 700 ක් පාගමනින් පැමිණ, කඳුළු අතරින් අදහස් දැක්වූ මහේල ජයවර්ධන, මීට විසි වසරකට ඉහතදී පිළිකා රෝගයෙන් මියගිය තම සොහොයුරා සිහිපත්වන බව සඳහන් කළේය.

පාගමන තුළදී ශ්‍රී ලංකාවාසීන්ගෙන් ලද ප්‍රතිචාරය කෙබඳුදැයි පැහැදිළි කරමින් කතා කළ මහේල, "මම හිතන්නේ මගේ මාත් ජීවිතේ සුන්දරම දවස් 27 ක් ගෙවුන. උතුරේ පේදුරුතුඩුවේ ඉඳල අපි මාතරට ඇවිල්ල තියෙනව. ශ්‍රී ලංකාවේ ජනතාව 'කෙතරම් සුන්දර ද, කෙතරම් පරිත්‍යාගශීලී ද," යැයි පවසද්දී ඉතා හැඟුම්බර විණ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රතිඥාවක්

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම පිණිස අවශ්‍ය රුපියල් මිලියන 750ක මුදල සපයන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිඥා දුන්නේය.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල එය අවධාරණය කළේ, අදාළ රෝහල ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් රැස්කිරීම සඳහා මහේල ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු පාගමන අවසානයේ කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ඊට මුල් ගල් තැබූ අවස්ථාවේ අදහස් දක්වමිනි.

මේ අතර පිළිකා රෝහලක් ඉදිකිරීම පිණිස අවශ්‍ය රුපියල් මිලියන 750ක මුදල සපයන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිඥා දුන්නේය.

පාගමනින් රුපියල් මිලියන 750 ක් රැස් කෙරෙනු ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ඉතිරි මුදල ලබා දෙන අතරම, සෞඛ්‍ය අමාත්‍යංශයේ අරමුදලින් වහාම රෝහල් ගොඩනැගිල්ලට මුල් ගල් තබන මෙන් උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහීපාල සඳහන් කළේය.

නව පිළිකා රෝහල ඉදිකිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව පාගමන දියත් කරනු ලැබුවේ TrailSL පුණ්‍යායතනය විසිනි.

(බිබිසි සංදේශය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top