15976 BM WEB BANNER 01
Nov 02, 2016

සිරිපා අඩවිය අසල හෝටලයේ ඉදිකිරීම් අත්හිටුවයි Featured

ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ පිහිටි නල්ලතන්නිය පීක්ෆීල්ඩි වතුයායේ ඉදිකිරිමට කටයුතු යොදා තිබූ නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරිය වෙත නියෝග කර තිබේ.

තමා කල ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා එම නියෝගය ලබාදුන් බව ඇමති ෆයිසර් මුස්තාපා මහතා 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමක දී පැවසිය.

සෞදි ආයෝජකයකු විසින් ඉඳිකිරීමට සැලසුම් කර ඇති මෙම හෝටලයට ඇමති ෆයිසර් මුස්තාපා මහතා ද සම්බන්ධ බවට සමාජ වෙබ් අඩවි වාර්තා කර තිබිණ.

'ඇමති ෆයිසර් මුස්තාපා මහතා පැවසුයේ එම ඉඩම සෞදියේ කුමාරයකු විසින් මිලදී ගත් පෞද්ගලික ඉඩමක් බවයි.

එම ස්ථානයේ මුස්ලිම් පල්ලියක් ඉඳිකිරීමට සැලසුම් කර ඇතැයි පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ද ඇමතිවරයා අවධාරණය කර සිටියේය.

ශ්‍රී පාදස්‌ථානය අවට ඉඩමක හෝටලයක්‌ ඉදිකිරීමේ සිද්ධියට අදාළ ඉඩම් ගනුදෙනුව පිටුපස සිටින්නේ ඇමති ෆයිසර් මුස්තාපා මහතා බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (01 ) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කර සිටියහ.

ශ්‍රී පාද පුදබිමට අයිති නැහැ :

Dammadinna 600xp 16 10 29කෙසේවුවද, ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ හෝටලයක් ඉඳිකරන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී පාදස්ථානාධිපති සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසන්නේ, ශ්‍රී පාද පුදබිමට අයත් අක්කර 99 ක භූමිය තුළ කිසිදු සංචාරක හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් ඉදිනොවන බවයි.

ඒ පිළිබඳව සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ ශ්‍රී පාදස්ථානයට පහළින් ඇති ප්‍රදේශයක පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සඳහා අවසරගෙන ඉදිකිරීම් කිරීමට යන බව යැයි කී උන්වහන්සේ, එම ඉඩම සහ ශ්‍රී පාදස්ථානය අතර කිසිදු සබඳතාවක් නැතැයි පෙන්වා දුන්හ.

"හැමතැනම සිරිපාදේ නෙවෙයි නේ, මම දෙන්නෙකුට තුන්දෙනෙකුට කිව්වා එහෙනම් මස්කෙළිය නගරයත් ප්‍රශ්නයක් නේ කියලා" යැයි පැවසූ අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි මහසෝන් කල්ලිය නම් වූ පිරිසක් මෙම අසත්‍ය තොරතුරු පතුරුවා හරින බව කීහ.

ශ්‍රීපාදස්ථානය ශ්‍රී ලංකිය සියලු ආගමිකයින්ගේ වැඳුම් පිදුම් ලබන අති පූජනිය ස්ථානයක් වන අතර,  එහි ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති.


සබැඳි පුවත්

'ශ්‍රී පාද හෝටලය' මරේ දියඇල්ල අසල (ගුගල් සිතියම්)

ආගම්වාදී නොවන්න ! ශ්‍රී පාද රක්ෂිතය රැකගන්න එක්වෙන්න

ශ්‍රී පාද අඩවියේ හෝටලය පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයෙකුත්!

'ශ්‍රී පාද හෝටලය මගේ නෙමෙයි' - බැසිල් කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top