Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 02, 2016

අජීත්ගේ ඇමතිකම හඳුන්නෙත්තිගේ මන්ත්‍රීකමට ඔට්ටු අල්ලයි ! Featured

විගණකාධිපතිවරයාට එල්ල කෙරුණු බලපෑම් නිසා පොදු ව්‍යාපාර පිළිබද පාර්ලමේන්තු තේරීම්කාරක සභා රැස්වීමෙන් නැගිට ගිය බවට එම සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කරන ප්‍රකාශය නිවැරදි බව ඔහු ඔප්පු කරන්නේ නම් තමා සිය මන්ත්‍රී ධුරයෙන් සහ නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ යැයි විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය නීතිඥ අජිත්.පී.පෙරේරා මහතා පවසයි.

ඔහුට ඒ බව ඔප්පු කිරීමට නොහැකි වුවහොත් සුනිල් හඳුන්නෙත්ති මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ද අජිත් පී පෙරේරා අවධාරණය කර සිටියි.

විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා මේ බව පැවසුවේ පොදු ව්‍යාපාර පිලිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති සුනිල් හදුනෙත්ති මහතාගේ භූමිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුනෙත්ති  මහතා පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු තේරීම්කාරක සභා රැස්වීමෙන් නැගිට ගියේ තමා අපක්ෂපාතී නොවන බවට කාරකසභාවේ සමාජිකයින් විශ්වාස කරන නිසා ඊට සුදුසු පුද්ගලයෙකු සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට ඉඩ කඩ සලසා දෙමින් ඉවත්වී යන බව කියමින් යැයි පෙන්වා දුන් අජිත් පී පෙරේරා මහතා ඔහුගේ එම ප්‍රකාශය කාර්ය සටහන් වල පැහැදිලිව තිබෙන්නේ යැයිද හෙළි කළේය.

-සුජිත් මංගල ද සිල්වා-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top