nsb

Nov 03, 2016

'ශ්‍රී පාද රක්ෂිතයේ කිසිදු අයථා ඉදිකිරීමක් නැහැ' Featured

ශ්‍රී පාද රක්ෂිතයේ කිසිදු අයථා ඉදිකිරීමක් සිදු නොවන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අවධාරණය කර සිටියි.

එය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන් පිටත පුද්ගලික ඉඩමක දැනට පවතින ගොඩනැගිල්ලක් නිවාඩු නිකේතනයක් බවට පරිවර්තනය කරගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාළව ගැටලුවක් පැන නැගී ඇති බව පෙන්වා දුන්නේය.

මධ්‍යම පරිසර අධිකාරියේ නිසි අවසරයකින් තොරව එය ඉදිකරන බවට පැන නැගී ඇති ප්‍රශ්නයක් නිසා එම ඉදිකිරිම අත්හිටුවා ඇති බව ද ඔහු පැවසීය.

ශ්‍රී පාද රක්ෂිතයේ නිවාඩු නිකේතනයක් ඉදිකෙරෙන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රජය වෙනුවෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (නොවැ. 02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.


ආගම්වාදී ගැටුමක් :


ශ්‍රී පාද රක්ෂිතයට පරිසර හානියක් සිදුවන්නේයැයි අදහසින් ඒ වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටි පිරිසක් වූ බව එහිදී කියා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම සිදුවීම පදනම් කරගනිමින් බෞද්ධ හා ඉස්ලාම් බැතිමතුන් අතර ගැටලුවක් ඇතිකිරීමට ඇතැමුන් උත්සාහ කළ බවට ද චෝදනා නැගීය.

ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගැනීම සඳහා සියලු ආගමිකයින් එහි යන බවට ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් කළ ප්‍රකාශයක් හේතුවෙන් උන්වහන්සේට එල්ලකරන චෝදනා පිළිකුලෙන් හෙළා දකින බව ද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ට එල්ලවන චෝදනා පිළිබඳ වැඩිදුරටත් කතා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, නැසීගිය කවියකු මෙන් ම සාහිත්‍යධරයකු වූ මහගම සේකරයන් ගේ 'මක්නිසාද යත්' කෘතියේ ශ්‍රී පාදය පිළිබඳ සඳහන්වන පද උපුටා දක්වමින් කියා සිටියේ එම පද වර්තමානයේ ලියැවුණි නම් සේකරයන් ද ද්‍රෝහියකු සේ සළකනු ඇති බවය.


සබැඳි පුවත් :

සිරිපා අඩවිය අසල හෝටලයේ ඉදිකිරීම් අත්හිටුවයි

'ශ්‍රී පාද හෝටලය' මරේ දියඇල්ල අසල (ගුගල් සිතියම්)

ආගම්වාදී නොවන්න ! ශ්‍රී පාද රක්ෂිතය රැකගන්න එක්වෙන්න

ශ්‍රී පාද අඩවියේ හෝටලය පිටුපස ආණ්ඩුවේ ප්‍රබලයෙකුත්!

'ශ්‍රී පාද හෝටලය මගේ නෙමෙයි' - බැසිල් කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top