Nov 03, 2016

'ආවා' හැදුවේ ගෝඨාගේ අනුදැනුම මතයි' -රාජිත

යාපනයේ ක්‍රියාත්මක "ආවා ගෲප්" නමැති මැර කල්ලිය නිර්මාණය කළේ පසුගිය රජය සමයේ සිටි හමුදාපතිවරුන් සහ ඇතැම් උසස්‌ හමුදා නිලධාරීන් බව කැබිනට්‌ ප්‍රකාශක හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සියල්ල සිදු වූයේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුදැනුම මත බවද ඇමතිවරයා කියා සිටියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (02දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්‌වෙමින් ඇමැතිවරයා එබව සඳහන් කළේය.

එකල පැවැති රජයට එරෙහිව උතුරේ මතුවන බලවේග මර්දනය සඳහා "ආවා කල්ලිය" නිර්මාණය කෙරුණු බව පැවසූ ඇමති රාජිත සේනාරත්න මහතා, එදා එවන් කල්ලියක්‌ නිර්මාණය කිරීමේ ගැටලුවක්‌ නොතිබුණද අද යළිත් ආවා කල්ලිය උතුරේ හිස එසවීම බරපතළ කරුණක්‌ බව අවධාරණය කළේය.

" ආවා කල්ලියේ" මැර ක්‍රියා නුදුරේදීම නවතා දමන බව අවධාරණය කල හෙතෙම, එම කල්ලිය නිර්මාණය කළ පුද්ගලයන් ඇතුළු සියලු දෙනාට එරෙහිව අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවද සඳහන් කළේය.


සබැඳි පුවත් :

යාපනයේ බියක් : 'ආවා' දෙදෙනෙක් අල්ලයි

‘ආවා’ බයිස්කෝප් කල්ලියක් : 'තරුණ නැගිටීම' බොරු කතාවක් 

යාපනයේ යතුරුපැදි කල්ලි, හමුදා බුද්ධි අංශ සම්බන්ධ ද?

යාපනයේ 'ආවා' නිර්මාතෘ හමුදා නිලධාරියෙක් ! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top