Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 03, 2016

රාජිතගේ ‘ආවා’ කතාවට ගෝඨාගෙන් පිළිතුරක්

උතුරේ ‘ආවා’ කල්ලිය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (02) කළ ප්‍රකාශය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්‍ෂේප කරයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම යටතේ මෙම කල්ලිය ආරම්භ වූ බවයි.

දැනටත් ඔවුන් කටයුතු කරන්නේ ඔවුන් පෝෂණය කළ පිරිස්වල අවශ්‍යතා අනුව දැයිද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සැකයක් මතු කළේය.

මීට ප්‍රතිචාර දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අමාත්‍යවරුන් කරන මෙවැනි ප්‍රකාශවලින් තමන්ට නොව අපහාසයක් සිදුවන්නේ සමස්ත හමුදාවට බවයි.

“දේශපාලන වශයෙන් මට පහර ගහන්න මේ වගේ ප්‍රකාශ කළාම සමස්ත හමුදාවටම පහර වදිනවා. හමුදාව මෙහෙම දේවල් කළේ නැහැ.” යයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top