nsb

Apr 14, 2017

සමයං ඝාතනයේ පළියට ඌරුජුවා පිඩලි තුෂාර මරයි Featured

කඩුවෙල - කොතලාවල ප්‍රදේශයේ ඊයේ (13) උදෑසන සිදු වූ වෙඩි තැබීම සමයං සහ අංගොඩ ලොක්කා නැමති පාතාල කල්ලි සාමාජිකයින්ගේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ විමර්ශන සිදු කෙරේ.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ උර්ජුවා නැමති පාතාල කල්ලි සාමාජිකයෙකි.

ඔහු සමයං නැමැත්තාගේ සමීපතමයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රුවන් තුෂාර හෙවත් පිඩලි තුෂාර නැමති පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුකර තිබෙන අතර, ඔහු අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ හිතවතෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මීට පෙර පිඩලි තුෂාර නැමැත්තාගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇති බව පොලිසිය පැවසීය.

පිඩලි තුෂාර දෙදරු පියෙකි. ඔහුට මීට වසරකට පමණ ඉහතදී කඩුවෙල වෙළේ හංදිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එහිදී ඔහු දිවිගලවාගෙන තිබිණි.

වෙඩි වැදීමෙන් මිය ගිය අනෙක් පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

 සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකවේ.

පසුගියදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සමයං නැමැති පාතාල කල්ලි සාමාජිකයා ඝාතනයට ලක් වු අතර,  එම වෙඩි තැබීම සිදු කරන ලද්දේ අංගොඩ ලොක්කා විසින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණවී තිබිණ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top