nsb

Apr 14, 2017

කුණු කන්දට යටවුවන් සොයා ත්‍රීවිධ හමුදා මෙහෙයුමක් (Update)

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඊට යට වී සිටින පුද්ගලයින් බේරා ගැනීමත්, පීඩාවට පත්වූවන්ට සහන සලසන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රීවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පතිවරයාට නියෝග ලබාදී තිබේ.

කුණු කන්දට යට වීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගේ තත්වය බරපතල බව වාර්තාවේ.

නිල සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස පොලිපතිවරයාට හා ප්‍රදේශය බාර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරිකර් මහතාට උපදෙස් දී ඇත.

කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩාවැටීම නිසා නිවාස 100 ක් යටවී ඇති බව පොලිසිය පවසයි.

----------------------

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස 100කට හානි

කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩාවැටීම නිසා නිවාස 100 ක් යටවී ඇති බව පොලිසිය කියා සිටී.

සිද්ධියෙන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිවාස පෙලක් මෙලෙස කුණු කන්දට යට වී ඇති බවයි.

ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවත් වාර්තා වේ.

වහා මැදිහත්වී පීඩාවට පත්වූවන්ට සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයට හා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top