Nov 03, 2016

බැඳුම්කර සිද්ධිය අධිකරණයට - ජනාධිපති Featured

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නීති උපදෙස් අනුව අපක්ෂපාත පරීක්ෂණයක් කර තීන්දුවක් දීම සඳහා අධිකරණයට යොමු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් අමතමින් ජනාධිපතිවරයා මහරගම දී අද ප්‍රකාශ කළේය.

‘‘මම බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ හිටපු ආණ්ඩුවෙන් එළියට ආවේ පක්ෂය අත්හරින්නේ නැතිව. ඒ ඇවිල්ලා ආණ්ඩුවක් ඇදුවේ සියලු දෙනා ඒකරාශීකරගෙන වැරදි කළ කොටසකට දඬුවම් දෙන්නත් තව කොටසකට වැරදි කරන්න ඉඩ දෙන්නත් නොවේ. එය මගේ ප්‍රතිපත්තියයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව මම මගේ ප්‍රතිපත්තිය, තීන්දුව අද ප්‍රකාශ කරනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන තත්ත්වයත් එක්ක ඒ නීති රීතිවලට ගරු කරමින් කෝප් කමිටු වාර්තාව කටයුතු කර තිබෙනවා.

දේශපාලඥයන්ට විසඳන්න බැහැ :

ඒ වාර්තාව ගැන නොයෙක් මත දේශපාලනඥයන් පළ කරනවා. කෝප් වාර්තාව ගැන නොයෙක් වාදවිවාද තියෙනවා. පක්ෂ වශයෙන් බෙදිලා ඉන්නවා.

කට්ටියක් එය හරි කියනවා. තව කට්ටියක් වැරදි කියනවා.

මේක දේශපාලඥයන්ට විසඳන්න පුළුවන් කාරණයක් නොවෙයි. එනිසා සියලුම දේශපාලනඥයන් මේ ප්‍රශ්නයෙන් ඉවත් විය යුතුයි.

අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න මේක අධිකරණයට යොමු කරනවා..'' යයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top