15976 BM WEB BANNER 01
Nov 04, 2016

'මම ගොදුරු වුනේ අන්තර්ජාල ලිංගික අපචාරයකට'

තරුණියන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝපට අන්තර්ජාලයේ පළ කෙරෙන අවස්ථා පිළිබඳ නිතර වාර්තාවේ.

එවැනි සිදුවීම් පිළිබඳ ඇතැම් විට ශ්‍රී ලංකාවෙන් ද අසන්නට ලැබේ.

එවැනි ඡායාරූප හෝ වීඩියෝපට පළ කිරීම සම්බන්ධයෙන් බොහෝ විට චෝදනාවට ලක් වන්නේ තරුණියන්ගේ පැරණි පෙම්වතුන්ය.

නිරුවත් හෝ අඩනිරුවත් ඡායාරූප ප්‍රසිද්ධියට පත් කොට තරුණියන් සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීම මෙවැනි පුද්ගලයන්ගේ අරමුණ වේ.

එවැනි සිදු වීම් ඇතැම් විට කෙලවර වන්නේ මරණයෙනි.

ගොදුරක් බවට පත්වූ පලස්තීන තරුණයා :

එහෙත් තරුණයන් ද මෙවැනි සිදුවීම්වල ගොදුරු බවට පත්වන අවස්ථා නැතුවාම නොවේ.

තරුණියන් ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ කුලුපග වී තරුණයන්ගේ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝපට යොදා ගෙන මුදල් ඉපැයීම එවැනි එක් කූටෝපායකි.

එවැනි ගොදුරක් බවට පත්වූ පලස්තීන ජාතිකයකුවන සමීර් තිස්වෙනි වියෙහි පසුවේ.

"මේ දේ සිද්ධ වුනේ මම ගෙදර තනියම හිටිය වෙලාවක. මට ෆේස්බුක් එකේ ගෑනු ළමයකුගෙන් request එකක් ආවා. ඇය හරිම සරාගීයි. එදා රාත්‍රියේ ඇය skype හරහා මට ඇමතුමක් ගත්තා. ටික වෙලාවකින්,,, webcam එකක් තියනවද කියලා ඇය මගෙන් ඇහුවා. මම මගේ කැමරාව on කළා. මට ඔයාව බලන්න පුලුවන්ද කියලා මම ඇගෙන් ඇහුවා. ඇයගේ හැඟීම් ඇවිස්සෙන බව ඇය කීවා. මාත් ඇය අනුගමනය කළා. මේ වගේ ගෑනු ළමයෙක් දැක්කම ඔබ දන්නේ නැහැ ඔබ මොකක්ද කරන්නේ කියලා." යනුවෙන් තමන් මුහුණ දුන් සිදුවීම සමීර් විස්තර කළේය.

වීඩියෝ ඇමතුම අවසන් වී සුළු වෙලාවකින් පසු අන්තර්ජාලය හරහා සමීර් වෙත පණිවුඩයක් ලැබිණ.

එහි දැක්වුණේ youtube යොමුවකි.

"එහි කියා තිබුණේ, අහපං,, මම මිනිහෙක්. උඹ කළ දේ මම පටිගත කළා. ෆේස්බුක් එකේ ඉන්න උඹේ නෑදෑයන්ගේ ලැයිස්තුවක් මා ගාව තියනවා. මට යුරෝ දෙදාහක් ඕන, උඹට මම සති දෙකක් දෙනවා. දෙයියනේ මට හිතා ගන්න බැරි වුනා. මගේ අම්මා මේක දැක්කොත් මොකක් වෙයිද? මට පුදුම ලැජ්ජාවක් දැනුණේ ." යනුවෙන් සමීර් පැවසීය.

තරුණයන් රැවටීම සඳහා:

Skype හරහා සිදු වන වංචනික ලිංගික ක්‍රියා සඳහා වසරක් පාසා ගොදුරුවන පුරුෂයන්ගේ සංඛ්‍යාව දහස් ගණනකි.

ගොදුරු සොයා ෆේස්බුක් සැරිසරන ලිංගික වංචනිකයන් තරුණයන් රැවටීම සඳහා පෙර පටිගත කරන ලද වීඩියෝ දර්ශන උපයෝගී කරගනී.

මොරොක්කෝව එවැනි පුද්ගලයන්ගේ ක්ෂේම භූමියක් ලෙස සැලකේ.

අන්තර්ජාලයේ සැරිසරන එවැනි පුද්ගලයෙක් බීබීසීයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"අරාබි ජාතිකයන්ගේ දුර්වල ස්ථානය ලිංගික ක්‍රියා, පුද්ගලයාගේ දුර්වල තැන බලලා ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැනීමයි කළ යුත්තේ. අනෙක් දුර්වලකම විවාහය. ඔබට ඉන් ප්‍රයෝජන ගතහැකියි. ඊට පස්සේ ආගමට ලැදි තරුණයන්. කුරානය අතින් ගෙන ඉන්න සැබෑ භක්තිකයෙක් වැනි පුද්ගලයෙක්. ඔවුන් මෙවැනි උගුලකට අසුවන බවට කිසිම සැකයක් නැති බව ඔබට හැඟෙනවා. ඔබ උත්සාහ කරනවා, ඔවුන් උගුලට අසූ වෙනවා.අරාබියේ තෙල් තියන රටවල මිනිසුන් පහසුවෙන් ඉලක්ක කළ හැකියි. අපි ඔවුන්ව දකින්නේ පහසුවෙන් රැවටිය හැකි මිනිස්සු ලෙසයි. සමාවෙන්න එහෙම කියනවට. නමුත් යථාර්තය එයයි."

පෙර පටිගත කරන ලද අසභ්‍ය වීඩියෝ දර්ශන වීඩියෝ සංවාදය හා සම්බන්ධ කරගැනෙන්නේ මෘදුකාංගයක් හරහා ය.

පටිගත කරන ලද වීඩියෝ දර්ශනයේ සිටින තරුණිය තරුණයන්ට නිරුවත්වීමට බල කරනු ලැබේ.

"තරුණයන්ගේ මුහුණ අසුවන ආකාරයටයි අපි වීඩියෝ කරන්නේ. ඒක පටිගත කරලා youtube එකට upload කරනවා. ඉන් පස්සේ තර්ජනය කරන්න පටන් ගන්නවා. තරුණයන් එක්ක කතා කරන්න අපි මිනිත්තු විස්සක් ගතකරනවා. වීඩ්යෝ ඒකට මිනිත්තු විස්සයි. තර්ජනය කරන්න මිනිත්තු විස්සයි. මේ සියලුම තරුණයන් මුදල් ගෙවනවා." යැය ද එම පුද්ගලයා පැවසීය.

තහනම් මාතෘකාවක්:

මෙලෙස මොරොක්කෝවේ මධ්‍යම කලාපය මුල් කරගනිමින් ක්‍රියාත්මකවන අයථා මුදල් ඉපැයීමේ ක්‍රමවේදය ඩොලර් දස ලක්ෂ ගණනක ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

එම කලාපයේ විදේශ මුදල් හුවමාරු ආයතන පනහකට අධික සංඛ්‍යාවක් දැකගත හැකිය.

මෙහි මුලින් සඳහන් කළ සමීර් වංචනිකයන්ට මුදල් නොගෙවූ නමුත් තවමත් ඔහු කාලය ගතකරන්නේ බියෙනි.

(ලිංගික ක්‍රියා කියන්නේ අරාබි ලෝකයේ තහනම් මාතෘකාවක්. එවැනි පසුබිමක ජීවත්වන අයෙකුට තර්ජනය කළොත් ඔහු අනිවාර්යෙන් මුදල් ගෙවනවා. ගෞරවය, ලැජ්ජාව සහ පවුල කියන කාරණා ගැන කියනවා නම් බටහිර ජාතිකයන්ට වඩා මෙවැනි සිද්ධීන් යොදා ගෙන අරාබි ජාතිකයකුට තර්ජනය කිරීම පහසු කටයුත්තක්.) යැයි ඔහු පෙන්වා දුන්නේය.

අන්තර්ජාලය ඔස්සේ අයථා ලෙස මුදල් උපයන වංචනිකයින් නීතිය හමුවට ගෙන ඒමට උත්සාහ කරන බව මොරොක්කෝවේ පොලිසිය පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් කියා සිටින්නේ අරාබි රාජ්‍යවල පුරුෂයන් තිස් දහසක් පමණ මෙලස අන්තර්ජාල ලිංගික ගොදුරු බවට පත් වී ඇති බවය.

ඉන් එක් අයෙකු සිය දිවි නසා ගෙන තිබේ.

(බිබිසි සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top