nsb

Apr 19, 2017

රෝස්ගේ මන්ත්‍රීකම අනතුරේ : ජෝන් නායකතුමාට බය නැතිලු

එජාප නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම ගැටලුවට විසඳුමක් නොදුන්නොත් තනතුරුවලින් ඉවත්වන බවත්, තමා ඛය නැති බවත්, බය නැති බවත්  බස්නාහිර පළාත් එජාප මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු මෙනවිය කියා සිටී.

ගුවන්තොටු‍පොළ කුලී මෝටර් රථ සංගමය සඳහා සිය හිතවතුන්ට බලපත්‍ර 5 ක් ලබාදෙනතුරු එම සංගමයේ කුලී මෝටර් රථ රියැදුරන්ට ධාවන අවසර පත්‍ර ලබා දීම සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබේ. 

මේ අතර, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව අද (19 දා) නඩු පවරන බව ද රෝස් ප්‍රනාන්දු කියා සිටින්නීය.
 
ගුවන්තොටු‍පොළ කුලී මෝටර් රථ ටෙන්ඩරය ලබාගත් අයට පිටින් මෙම බලපත්‍ර ලබාදෙන ලෙස ජෝන් අමරතුංග ඇමැතිවරයා බල කරමින් සිටින බවද ඇය කීවාය.
 
අදාළ කුලී මෝටර් රථ ධාවන අවසර පත්‍රය සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කළ යුතු අතර මේ වන විට එම අවසර පත්‍ර නිකුත් කිරීම ඇමැතිවරයා විසින් අත්හිටුවා ඇති බවද මන්ත්‍රීවරිය කියා සිටියා ය.
 
පසුගිය කාලයේ ගුවන්තොටුපළ කුලී මෝටර් රථ ධාවනය කිරීම කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදු වූ බවත්, යහපාලන ආණ්ඩුව පත් වූ පසු එම ටෙන්ඩරය ගුවන්තොටු‍පොළ කුලී මෝටර් රථ රියැදුරු සංගමය විසින් රුපියල් ලක්ෂ 110 ක තැන්පතුවක් යොදා ලබාගත් බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
 
එසේ තිබියදී එම සංගමයට පිටින් ධාවන බලපත්‍ර 5 ක් සිය හිතවතුන්ට ලබා ගැනීම වහාම නතර කරන ලෙස තමන් ඇමැතිවරයාට දැඩිව ප්‍රකාශ කළ බවත්, රෝස් ප්‍රනාන්දු මන්ත්‍රීවරිය කීවාය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේ ද පැවසුවාය.
 
“පසුගිය ආණ්ඩු කා‍ලේ මේ රථවලට කිසිම ටෙන්ඩර් ක්‍රියාවලියක් තිබුණේ නෑ. ප්‍රාදේශීය දේශපාලනඥයෝ ඕනෑ විදියට මේකට වාහන දැම්මා. පස්සේ මම මැදිහත් වෙලා මේකට නිවැරදි ටෙන්ඩර් ක්‍රමයක් ගෙනල්ලා ගුවන්තොටු‍පොළ කුලී මෝටර් රථ රියැදුරු සංගමයට මේ ටෙන්ඩරය අරගෙන දුන්නා. මේ අයට දුවන්න සංචාරක අමාත්‍යාංශයෙන් අවසරයක් ගන්න ඕනෑ. හැබැයි දැන් ඒක ජෝන් අමරතුංග ඇමැතිවරයා නතර කරගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි එතුමාගේ හිතවතුන්ට බලපත්‍ර ලබා නොදීම. මේක යහපාලනයට විරුද්ධයි. එතුමා විෂයභාර ඇමැති වුණාට අවසර පත්‍ර නොදී සිටීමේ බලයක් එතුමට නෑ.
 
එතුමගේ බලයට එහා ගිය දෙයක් කළොත්, මමත් මේ සටන අත් අරින්නේ නෑ. අපි හෙට මේ අත්තනෝමතික තීරණයට එරෙහිව නඩු දානවා. මම එතුමාගේ මූණටම කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. මොකද මම ජනාධිපතිතුමාට වුණත් වැරද්දක් කළොත් ඒක මූණටම කියන කෙනෙක්. මම ණයත් නෑ, බයත් නෑ. අද වෙනකොට මේ සංගමයේ 135 දෙනකුට රැකියාව කරගන්න බැරි තැනට පත්වෙලා.
ඒ නිසා මේ ගැටලුව පක්ෂ නායකත්වයටත් දැනුම් දුන්නා. විසඳුමක් නැති වුණොත් මම තවදුරටත් මේ පක්ෂයේ කිසිම තනතුරක් දරන්නේ නෑ. ඒක අනිවාර්යයෙන් මම කරනවා. මම මේ සටන අතාරින්නේ නෑ” යැයි මන්ත්‍රීවරිය කීවාය.
 
මෙ ගැටලුව පිළිබඳව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.
 
“මේ සංගමයට විරුද්ධව චෝදනා දෙකක් තියෙනවා. ඒවා අධිකරණයේ විභාග වෙමින් තියෙනවා. ඒ ගැන හොයලා බලන්න ඕනෑ. මට නඩු දැම්මට කමක් නෑ. අවුරුද්දක් නඩු කියයි, මාත් එක්ක. මේ ගැන නායකතුමාට ‍නෙවෙයි, කාට කිව්වත් මට කමක් නෑ.
 
සබැඳි පුවත් 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top