Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 04, 2016

ඇමති රාජිත විශේෂ හෙළිදරව්වකට සැරසෙයි

'ආවා' කල්ලිය තමාගේ අනුදැනුම මත ආරම්භ කර නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පවසන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, තමන් ඉදිරියේදී මේ පිළිබද විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකරන බව කියා සිටියි.

නිවේදනයක් නිකුත්කරමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම කල්ලියේ ආරම්භය පිළිබද ඉදිරියේදී සියලූ විස්තර හෙළිදරව් කරන බවයි.

ආවා කල්ලිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත ආරම්භවූවක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඉකුත් දා ප්‍රකාශ කල අතර, කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.


සබැඳි පුවත් :

රාජිතගේ ‘අාවා’ කතාවට ගෝඨාගෙන් පිළිතුරක් 


'ආවා' හැදුවේ ගෝඨාගේ අනුදැනුම මතයි' -රාජිත  


යාපනයේ බියක් : 'ආවා' දෙදෙනෙක් අල්ලයි 


‘ආවා’ බයිස්කෝප් කල්ලියක් : 'තරුණ නැගිටීම' බොරු කතාවක් 


යාපනයේ යතුරුපැදි කල්ලි, හමුදා බුද්ධි අංශ සම්බන්ධ ද?


යාපනයේ 'ආවා' නිර්මාතෘ හමුදා නිලධාරියෙක් ! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top