nsb

Apr 20, 2017

'ශක්තිමත් ආර්ථික ගමනකට සියල්ල සූදානම්'- ජනපති

වර්තමානයේ රටේ ආර්ථිකය ශක්තිමත්ව හා ස්ථාවරව ඉදිරියට ගමන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද(20දා) කොළඹ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වූ හමුවකදීය.

එමෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති විදේශ සංචිත ප්‍රමාණය බිලියන 5 ඉක්මවා ඇති බවද හෙතෙම පෙන්වා දී තිබේ.

මේ අතර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ කොටස් වෙළඳපොළ යටතේ ලැයිස්තුගත කරන බවත්, ඒ යටතේ සයිටම් ආයතන පරිපාලනයට වෙනම කොමිසමක් පත් කරන බව ද ජනපතිවරයා මෙහිදී කියා සිටියේය.

එමෙන්ම ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය ආයතනවල තනතුරුවල වෙනසක් සිදු කරමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනසක් සිදු වනු ඇති බවද ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මීතොටමුල්ල ගැන සෙවීමට කම්ටුවක්

මීතොටමුල්ල සිදුවීමට අදාළ වාර්තාව සැකසීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කර ඒ අනුව හඳුනාගන්නා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මාසයක් ඇතුළත අදාළ වාර්තාව ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට ජනතාවට හා අදාළ නිලධාරීන්ට හැකියාවක් පවතින බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top