Apr 20, 2017

බූස්සේ ආබාධිත සෙබළුන්ගේ ඉඩමෙන් කොටසක් අධිකරණ සංකීර්ණකට

යුද්ධයෙන් ආබාධිතවූ ආරක්ෂක අංශ සාමාජිකයන් පුනරුත්ථාපනයට ගාල්ල බූස්ස යුද හමුදා කඳවුරෙන් වෙන්කර ඇති අක්කර 10ක ඉඩමෙන් අක්කර 05ක අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ සඳහා මූලික මැනුම් කටයුතු ආරම්භ කර ඇතැයි ද පැවසේ.

මෙම කඳවුරේ පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති ආබාධිත සොල්දාදුවන් හා නිලධාරීන් පිරිස 1300කට අධික වන අතර ඔවුන් දෙනෙත් අඳභාවයට පත්වීමේ සිට දෑත් හා දෙපා යන දෙකම අහිමිවීම දක්වාම ආබාධිත වූ අය සිටින බව වාර්තා වේ.

ගාල්ල බූස්ස කඳවුරේදී පුනරුත්ථාපනය ලබන එම ආබාධිත පිරිස වෙනුවෙන් ක්‍රීඩා, සංගීතය, වෘත්තීය පුහුණු, කියවීම වැනි විවිධ ක්‍රියාකාරකම් වලට යොමු කර ඇති අතර ඒ සඳහා වන පහසුකම්ද මෙම කඳවුරේ ඉදිකර ඇත.

මෙසේ මෙම කඳවුරු භූමියෙන් අඩක් අධිකරණ සංකීර්ණයක් සඳහා ලබා දීමෙන් මෙහි පුනරුත්ථාපනය ලබන අයට බාධා ඇති විය හැකි බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top