Apr 20, 2017

කුණුවලට එරෙහි වු දොම්පේ කට්ටියකට කඳුලු ගෑස්

දොම්පේ මාළිගාවත්ත ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයක් අසල විරෝධතාවයේ නිරතවු පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.

කොළඹ එක් රැස් වන කසල දොම්පේ ප්‍රදේශයට බැහැර කිරීමට විරෝධය පළ කරමින් එම ප්‍රදේශවාසීන් උද්ඝෝෂනයේ නිරතවිය.

මෙම විරෝධතාව හේතුවෙන් හංවැල්ල කිරිඳිවැල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබිණ.

පමුණුගම කට්ටියත් බලන් ඉඳලා :

මේ අතර මීතොටමුල්ල කුණු ටොන් 300 පමණ ප්‍රමාණයක් රැගත් රථ (ඩ්‍රම්ට්‍රක්) ජාඇල- පමුණුගම ප්‍රදේශයට පැමිණ බැහැර කිරීමට සූදානමක් ඇතැයි ලද තොරතුරු මත එම ප්‍රදේශවාසීහු දෑලතුර ඇල ඉවුර සිට අද (20) බලා සිටියහ.

ඒ එසේ වාහන පැමිණියහොත් එය වලක්වාලීමට සඳහාය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top