nsb

Apr 21, 2017

'කුණු උද්ඝෝෂකයින්' වරෙන්තු නැතිව අත්අඩංගුවට Featured

සියලූ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මීතොටමුල්ල ඛේදවාචකය දඩමීමා කර ගෙන කුණුවලින් දේශපාලන වාසි ගැනීමට තැත් කරමින් කුණු බැහැර කරලීමට එරෙහිව විරෝධතා දක්වන්නන් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන එම ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (20) මධ්‍යම රාත්‍රී සිටි බලපැවැත්වෙන පරිදි පනවා තිබේ.

ඒ අනුව මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව දිවයිනේ සියළු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති විසින් නිකුත් කරන ලද නියෝගයක් අනුව, ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් ක්‍රියාත්මක කරන හා පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම, සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය, නිවෙස් වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිලිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග මෙම නියෝගයට අදාළ වේ.

PressR 21 04 17

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top