Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Apr 21, 2017

'ඉහගෙන කන්න එපා !' ඇමති නිමල් කියයි

රහයේ දේපල සම්පත් ඉහගෙන නොකන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ප්‍රධානින් අමතමින් ඉල්ලා සිටියේය.

පසුගිය කාලයේ මාධ්‍ය මගින් සිවිල් ගුවන්සේවා අධිකාරිය සිදුකරන ලද දූෂණ හා අක්‍රමිකතා සමාජ ගතවීම හේතුවෙන් ආයතනය පිළිබඳ ජනතා විශ්වාසය පවා පළුදුවී ඇති බව පෙන්වා දෙමින් ඇමතිවරයා එම ඉල්ලීම කලේ, සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කාර්යය මණ්ඩලය අමතමිනි.

ආයතනයක ඉහළ පරිපාලනය මැඩම්ලා, සර්ලා වන්නේ තම ක්‍රියාවෙන් බවත් එය කිසිදා සේවකයින් තලා, පෙළා බලහත්කාරයෙන් ලබාගත නොහැකි බවද ඔහු එහිදී පැවසීය.

වසර ගණනාවක් තිස්සේ ඉහළ පරිපාලනය වැරදි ගමනක් පැමිණ තිබීම පැණ නැගී ඇති අභ්‍යන්තර ගැටළු වලට මූලික හේතුවක් බවත් ඇමතිවරයා කියා සිටියේය.

 වගකීම් විරහිතව කටයුතු කිරීම :

වසර 15 පුරා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු කළ පුද්ගලයා වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන්, නුදුරේදීම විශ්‍රාම යාමට නියමිත ඔහුගේ තනතුරට මේ දක්වා ආදේශනයක් නොමැති වී ඇති බවත් ඉදිරියේදී එම ගැටළු වළක්වා ගැනීමට ඔහු මැදිහත් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තවද ගුවන්සේවා අධිකාරිය විදෙස් පුහුණුවීම් සඳහා නොසැලකිලිමත් ලෙස වියදම් කොට ඇති බව පැවසූ අමාත්‍යවරයා එමගින් අනාගතයට ලැබී ඇති දෙයක් නොමැති බවද පැවසීය.  

එහිදී මාධ්‍ය වෙත අභ්‍යන්තර තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සිය නොසතුටට පළ කළ අමාත්‍යවරයා සියලු සේවකයින් මහජනයාගෙන් පඩිගන්නා පිරිසක් බැවින් මීට වඩා වගකීමකින් එළඹුන නව වසරේ කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top