Nov 04, 2016

විමල්ගේ දියණිය මානසික කම්පනයක (වීඩියෝ) Featured

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ තරුණයකු මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වන "සදාචාර විරෝධී" වාර්තා පිළිබඳව ඔහුගේ දියණිය ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කළ බව ඇය සමග පැමිණි නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත මහතා පවසයි.

තරුණයා මිය යාම පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ පහළොස් හැවිරිදි දියණියගේ නම එම සිදුවීමට ඈඳා ගනිමින් ඇතැම් සමාජ ජාල, වෙබ් අඩවි සහ මාධ්‍ය මගින් පළකරන වාර්තා හේතුවෙන් ඇයට බරපතළ මානසික හිංසනයන් සිදුවන බව ඔහු පැවසුවේය.

"මේ දැරියට කරන මේ අපහාස නිග්‍රහ ඉතාමත් වැරදියි, නීති විරෝධියි, මේකෙන් දේශපාලන වාසි ගන්න එපා, අද වෙනකොට මේ දියණියට පාසල් යන්න බැරි වෙලා තියෙනවා," ඔහු පැවසීය.

විරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියද ඒ අවස්ථාවට පැමිණ සිටි අතර නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත මහතා විසින් අදාල පැමිණිල්ල බාර දී ඇත.

එසේ අසත්‍ය ප්‍රචාරයන් සිදුකල වෙබ් අඩවි ඒවා මෙහයවන්නන් සම්බන්දයෙන් ප්‍රමාණික තොරතුරුද පැමිණිල්ල සමග බාර දී තිබේ.

අදාළ සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව විමර්ශනයක් පවත්වන බවට ජාතික ළමාරක්ෂක අධිකාරිය පොරොන්දු වූ බවත් දොලේවත්ත මහතා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top