nsb

Apr 21, 2017

මහ ඇමතිවරුන්ට සහ පිරිවරට රු. 30,000 ක තෑගි පාර්සලයක් Featured

ලබන මස 06 වැනි දින හබරණ තරු හෝටලයක පැවැත්වීමට නියමිත ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව සදහා පැමිණෙන මහ ඇමතිවරුන් 08 දෙනා ඇතුලූ අනෙකුත් නිලධාරින් සදහා තැගි දිමට එක් තැගි පාර්සලයකට රුපියල් 30,000 වැය කර තිබේ.

එවැනි පාර්සල් 50 ක් මේවන විට සුදානම් කර ඇත.

මී පැණි බෝතලයක්, එළඟි තෙල් බෝතලයක් එකක් අත් යන්ත්‍ර සරම් එකක් අත් යන්ත්‍ර සාරියක් දේශිය සහල් වර්ග කිහිපයක්ද මෙම තැගි පාර්සලයට ඇතුළත්ව තිබේ.

දිවයිනේ සිටින මහ ඇමතිවරු පිරිස අට දෙනෙකි. එසේ වුවද තැගි පාර්සල් 50 ක් මේවන විට සුදානම් කොට තිබේ.

තැගි පාර්සලයට සාරියක් :

කාන්තා මහ ඇමතිවරියන් නොසිටියද මෙම තැගි පාර්සලයට සාරියක්ද ඇතුළත් කර තිබේ.

උතුරු මැද පළාතේ ගොවි ජනතාවගේ වී වගාවන් ඇතුලූ භෝග කන්න දෙකක් විනාශ වී තිබේ.

වගා හානි සදහා මාසිකව රුපියල් 10,000 ක් දෙන බවට රජය පොරොන්දු වුවද ගොවින් බොහෝ පිරිසකට එම මුදල් මෙතෙක් ලැබි නොමැති බව ගොවිහු පවසති.

උතුරු මැද පළාතේ ගොවි ජනතාව ඇතුලූ බොහෝ දෙනා මෙවර  අවුරුදු සැමරුවේ මහත් අසිරුවෙන් සොයාගත් සොච්චම් මුදලකිනි.

''අමුත්තෙකුට සැලකිම චාරිත්‍රයක් නේ''

මේ සම්බන්ධයෙන් අප උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා ගෙන් කළ විමසුමේදි ඔහු මෙසේ පැවසිය.
“රුපියල් ලක්ෂ ගානක් වියදම් කරනවා කියලා බොරුවටයි ප්‍රචාරය කරන්නේ. අපි ඉතින් සිංහල මිනිස්සුනේ. අපි ගාවට එන අමුත්තෙකුට සැලකිම චාරිත්‍රයක් නේ“

“තැගි පාර්සලේ මුතු මැණික් නෑ. අපේ පළාතේ මී පැනි බෝතලයක් වස විෂ නැති හාල් ටිකක්නේ දෙන්නේ. ලංකාවේ හැම පළාතකම තියෙන මහ ඇමති රුස්විම් වලත් ඔය විදියටම තමයි කටයුතු කරන්නේ“ යැයි ප්‍රධාන ලේකම්වරයා පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top