nsb

Apr 21, 2017

ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට විභාගයක්

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා සලකා බැලෙන සුදුසුකම් තවදුරටත් දැඩි කිරීමට එරට රජය තීරණයකර ඇති අතර ඒ අනූව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට නම් කෙනෙකු අවම වශයෙන් වසර 04ක කාලයක් එරට ස්ථීරව පදිංචිව සිටිය යුතුයි.

ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය මැන බලන පරීක්ෂණයකට ද මුහුණ දීමට ඔවුන්ට සිදුවේ.

මීට අමතරව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ඉල්ලූම් කරන්නන් සඳහා එරට වටිනාකම් පිළිබඳ බහුවරණ පරීක්ෂණයක් ද පැවැත්වීමටද තීරණය කර ඇත.

මෙම විභාගය අවස්ථා 03කට වඩා අසමත් විය නොහැකි බව ද නව රෙගුලාසිවල දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top