Apr 21, 2017

මංගලට 61යි : ජනපති වැඩ වැඩි කරයි ? Featured

විදේශකටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ 61 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

මේවන විට රෝමයේ සංචාරයක නිරතව සිටින ඒ මහතා අද (21) දහවල් ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) ඒ මහතාට දුරකථනයෙන් අමතා සුබ පතා ඇති බවද වාර්තා වේ.

එසේ සුභ පැතුම් එක් කළ ජනපතිවරයා ආණ්ඩුව තැනීමට වැඩි වැඩ කොටසක් කළ සමරවීර මහතාට ඉදිරියේදී ආණ්ඩුවේ වගකිරීම් වලින් වැඩි කොටසක් ගෙන කටයුතු කරණ ලෙසද ඉල්ලීමක් කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද  සමරවීර මහතාට දුරකථන ඇමතුමක් මගින් උපන්දින සුභ පැතුම් එක්කර ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද, ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් ද සිදු කිරීමට නියමිතව ඇති අතර, ජනපතිවරයා අලුත් මුහුණු ඊට එක්වනු ඇති බවටද මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top