Apr 21, 2017

බැට කෑ මාධ්‍යවේදීන්ගේ තොරතුරු මැයි දිනයට පෙර එවන්න

පසුගිය ආණ්ඩු සමයේ විවිධ හිරිහැර හා පීඩාවට පත් වු මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා නැවතත් ඉල්ලුම්පත් කැඳවීමට රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජය පවසන්නේ 2005-2015 තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා වන කැබිනට් කමිටුවේ නිර්දේශ තවදුරටත් පුලුල් කිරීම සදහා ඉල්ලුම් කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි වු අයට හා සංවිධාන වලට යළිත් අවස්ථාවක් ලබා දීමට වෙනුවෙන් මෙම තිරණය ගෙන ඇති බවයි.

ඒ අනුව මෙම වකවානුව තුළ ඝාතනයට, පහරදීම් වලට සහ නොයෙක් විවිධ හිරිහැර හා පීඩාවට පත් වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් පිළිබදව ඉල්ලීම් කැදවීමට මෙම කැබිනට් අනුකාරක කමිටුව තීරණය කර ඇත.

එම යෝජනා සහ ඉල්ලීම් 2017 මැයි පළමුවනදාට පෙර පහත සදහන් ලිපිනයට, ෆැක්ස් අංකයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලෙස ඉල්ලා සිටී.

කැබිනට් අනුකාරක කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ය.

ලිපිනය
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
අංක 163 කිරිළපන මාවත.
කොළඹ 05.

ෆැක්ස් – 0112514753

ඊමේල් – This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

mirrorcid1

Mirrorcid

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top