Apr 21, 2017

කුණුවලට වෙනම ආයතනයක් !

මෙරට පවතින ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ගැටලූව නිරාකරණය කිරීම සදහා මධ්‍යම අධිකාරියක් වෙත බලය පැවරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින් වෙත අද උපදෙස් ලබාදුන්නේය.

ඒ, මීතොටමුල්ලේ විපතට පත් ජනතාවට සහන සැලසීම පිළිබද ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මීතොටමුල්ල සිද්ධියෙන් මතුව ඇති ගැටලූවලට සම්පූර්ණ විසදුම් ලබාදෙන තුරු සෑම සතියකට වරක් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන් හා නිලධාරීන් සමග අඛණ්ඩව සාකච්ඡුා කැදවීමට කටයුතු කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා වෙත ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරුන් රැසක් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡුාවට එක්ව සිටියේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top