Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Apr 21, 2017

පර්පෙචුවල් ගැන කී නිසා බැංකු නායකයන්ට බෝනස් නෑ Featured

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ ( (HDFC) වැඩි කොටස් අයිතියක් නීති විරෝධී ආකාරයට ලබා දීමට යෑම පිළිබඳව ප්‍රශ්න කිරීම නිසා එම බැංකුවේ ලංකා බැංකු සේවක සංගම් ශාඛාවේ විධායක සභිකයන් දොළොස් දෙනාට අප්‍රේල් මාසයට අදාළ බෝනස් ප්‍රතිලාභ ලබාදී නැත.

බැංකුවේ පන්සීයකට අධික අනෙකුත් සියලූම සේවකයන්ට අප්‍රේල් මස 07 වැනිදා බෝනස් ප්‍රතිලාභ ලබාදී ඇති අතර එසේ බැංකු සංගමයේ විධායක සභිකයන්ට බෝනස් ලබා නොදීමට හේතු බැංකු පාලනාධිකාරිය විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

මෙම අසාධාරණය සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමය විෂයභාර අමාත්‍ය කබීර් හෂීම්ට ලිපි දෙකක් මඟින් දැනුම් දී ඇති අතර ඒ අනුව ඇමැතිවරයා විසින් බැංකුවේ සභාපතිවරයාට කර ඇති දැනුම්දීම් ද නොසලකා හැර ඇතැයි වාර්තා වේ.

මෙම අසාධාරණය පිළිබඳව බැංකු ශාඛා සංගම් විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට ද පැමිණිලි කර ඇත.

'අර්ජුන් ද ප්‍රභාකරන් ද වැදගත් නැහැ'

මේ අතර අලූත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 17 දින බැංකුවේ කාර්ය මණ්ඩලය අමතා ඇති එහි සභාපති ආර්.කේ.ඞී. සිල්වා ප්‍රකාශ කර ඇත්තේ කවුරු විරුද්ධත්වය ප්‍රකාශ කළත් අවශ්‍යතාවක් ඇති වුවහොත් බැංකුවේ කොටස් හෝ හිමිකම් නිකුත් කරන බවත් ඒවා මිලදී ගන්නේ අර්ජුන් ඇලෝසියස් ද ප්‍රභාකරන් ද යන්න තමාට වැදගත් නොන බවත්ය.

(රාවය)

සබැඳි පුවත් :

බැඳුම්කර පර්පෙචුවල් HDFC බැංකුව ගන්න යයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top