Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 05, 2016

අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම NDB කොටස් මිලට ගනී

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩුදී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම ජාතික සංවර්ධන බැංකුවේ (NDB) කොටස් මිලදී ගෙන තිබේ.

ඔක්තෝම්බර් 31වන දින නිකුත් කළ එම බැංකුවේ ප්‍රධාන කොටස්කරුවන්ගේ ලේඛනයෙන් ඒ බව අනාවරණය වේ.

පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම කොටස් මිලියන 6.2කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර එය බැංකුවේ සමස්ත කොටස්වලින් 3.7%කි.

මේ අතර පර්පෙචුවෙල් ඉක්විටි නමැති සමාගමක්ද NDB බැංකුවේ 2.4%ක කොටස් මිලදී ගෙන තිබේ.

පසුගිය ජුනි 30 වනදායින් අවසන් කාර්තුවට නිකුත් කළ කොටස් හිමි ලේඛනයේ මුල් කොටස්කරුවන් 20 දෙනා අතරට පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගම සහ පර්පෙචුවල් ඉක්විටි සමාගම ඇතුළත්ව තිබුණේ නැත.

එහෙත් ඉන් පසු කාර්තුවේ නිකුත් කළ ලේඛනයේ එම සමාගම් මෙසේ සඳහන් වේ.

(ලංකා ට්රුත්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top