15976 BM WEB BANNER 01
Nov 05, 2016

'ආවා' : ජනාධිපතිගේ නිහඬ බව ගෝඨාට ප්‍රශ්නයක් වෙලා ! Featured

යුද සමයේ 'ආවා' කල්ලිය බිහි වූයේ හමුදාවේ වුවමනවට බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියන කථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිහඬව නොසිට පිළිතුරු දිය යතු බව හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උතුරේ සන්නද්ධව සිටි EPRLF සහ PLOT කල්ලි හමුදාව ලවා නිරායුධ කල බවත්, ඒ සඳහා මැර කල්ලි ගොඩ නැගීම අවශ්‍ය නොවූ බව පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, හමුදාවත් සම්බන්ධ වී 'ආවා' කල්ලිය උතුර අවුල් කිරීමට යොදා ගන්නා බවට කරන ප්‍රකාශ වලට සේනාධිනායකයා විසින් පිළිතුරු ලබා දීම කළයුතු බව කියා සිටියේය.

මෙය හමුදාවට එරෙහි චෝදනාවක් වන බැවින් සේනාධිනායකයාට නිහඬ විය නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.

'රාජිතගේ කතා බොරු' - රෙජීනෝල්ඩ්

මේ අතර ඊයේ (04) පැවති (04දා) මාධ්‍ය හමුවක අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජීනෝල්ඩ් කුරේ මහතා පැවසුයේ, තමාගේ දැනුමට අනුව 'ආවා' කල්ලියේ ක්‍රියාවන් පිටුපස හමුදාවේ කිසිම සම්බන්ධයක් නොමැති බවයි.

උතුරේ සිදුවන විවිධ පාතාල ක්‍රියා හමුවේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ දක්වමින් ඒ මහතා මේබව කියා සිටියේය.

එමෙන්ම ඒ පිළිබඳව රාජිත සේනාරත්න මහතාට ප්‍රශ්නයක් තිබේනම් ඒ පිළිබඳව විවිධ ප්‍රකාශයන් මාධ්‍යට ඉදිරිපත් කිරීම නොව හමුදාව, පොලීසිය, අගමැති, ජනාධිපති යනාදී වගකිව යුතු පිරිස් දැනුවත් කර ඒ පිළිබඳව පරීක්ෂණ කළ යුතුව තිබූ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බොහෝ දේශපාලන නායකයන් ජනතාව කොටවමින් ඉතාම ඉක්මනින් බලයට ඒමට උත්සහා කරන බවත්, අවසානයේදී එම ප්‍රශ්න වලින් දුක්විඳින්නේ අහිංසක ජනතාව පමණක් යැයිද ඒ මහතා කීය.

සබැඳි පුවත් :


ඇමති රාජිත විශේෂ හෙළිදරව්වකට සැරසෙයි

රාජිතගේ ‘ආවා’ කතාවට ගෝඨාගෙන් පිළිතුරක් 

'ආවා' හැදුවේ ගෝඨාගේ අනුදැනුම මතයි' -රාජිත

යාපනයේ බියක් : 'ආවා' දෙදෙනෙක් අල්ලයි

‘ආවා’ බයිස්කෝප් කල්ලියක් : 'තරුණ නැගිටීම' බොරු කතාවක් 

යාපනයේ යතුරුපැදි කල්ලි, හමුදා බුද්ධි අංශ සම්බන්ධ ද?

යාපනයේ 'ආවා' නිර්මාතෘ හමුදා නිලධාරියෙක් ! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top