15976 BM WEB BANNER 01
Nov 05, 2016

වැවිලි ඉඩම් ජනතාව අතර බෙදන්න තීන්දුවෙයි ! Featured

රජයට අයත් වැවිලි සමාගම් පහක ඉඩම් අක්කර දොළොස් දහසක් පමණ ජනතාව අතර බෙදාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම ඉඩම් ජනතාව අතර අක්කර භාගය බැගින් හෝ අක්කරය බැගින් බෙදාදීමට නියමිත බවද පැවසේ.

වැවිලි කර්මාන්ත ආයතනයට අදාළ රාජ්‍ය ආයතන ගණනාවකට අයත් වතු සමාගම් පහක ඉඩම් මෙසේ බෙදාදීමට යොජනාවී ඇති බව පැවසේ.

මේ ඉඩම් දැනට අයිතිකරන් සිටින පෞද්ගිලක සමාගම් විසින් නිසි ලෙස සංවර්ධන කොට නොමැතිවීම නිසා ඒවා නිසරු ඉඩම් බවට පත්වීමේ අවදානමක් ඇති ඉඩම් මෙසේ බෙදාදීමට සැරසේ.

රජය කළ සමීක්ෂණයකින් අදාළ තොරතුරු හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට වැවිවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා දුරකඨනයෙන් සම්බන්ධකර ගැනීමට අප උත්සාහ කළද ඒ මහතාගේ දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති බැවින් එය අසාර්ථක විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top