Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 05, 2016

පුත්තලම මුහුදු තීරයේ හැඹිලි දැල් භාවිතය තහනම් කරයි Featured

පුත්තලම මුහුදු තීරයේ හැඹිලි දැල් ක්‍රමය භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියමකර තිබේ.

සුලුපන්න ධීවරයන් විසින් හැඹිලි දැල් ක්‍රමයට එරෙහිව සිදුකළ උද්ඝෝෂණයකට එල්ලවූ ප්‍රහාරයට, ප්‍රහාරය දියත් කළ පිරිසට නඩු නොපවරා පොලිසිය විසින් සුලුපන්න ධීවරයින්ට එරෙහි පවරා තිබූ නඩුවක් ඊයේ (04) කැඳවූ අවස්ථාවේදී මේ තීන්දුව මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදී තිබේ.

මහාපරිමාණ හැඹිලි දැල් භාවිතයෙන් සිදුකරන පරිසර හානිය සහ මත්ස්‍ය සම්පත විනාශ කිරීමට එරෙහිව පුත්තලම ජාතික ධීවර සහයෝගීතාවය හා සුලුපන්න ධීවරයින් පසුගිය කාලයපුරා විරෝධතාවක නිරතවිය.

පුත්තලම දිස්ත්‍රික්කයේ මෙවැනි හැඹිලි දැල් භාවිතය සදහා බලපත්‍ර 53ක් නිකුත් කර ඇති අතර, ඒවා භාවිතා කළ හැක්කේ සැතපුම් 10කට එපිටින් ගැඹුරැ මුහුදේ පමණි.

කෙසේවුවද, මෙම දැල් කොරල්පර ආශ්‍රිත නොගැඹුරු මුහුදේ භාවිතා කිරීම දිගින් දිගටම සිදුවන අතර, එහිදී අල්ලා ගන්නා අතිවිශාල මසුන් ප්‍රමාණය මෙල්ල කරගැනීමට ඩයිනමයිට් භාවිතා කිරීම ද සිදු කරන බව පැවසේ.

ධීවර අමාත්‍යාංශ‍ය විසින් අධිකරයේ දී හැඹිලි දැල් ව්‍යාපාරිකයින්ට පක්ෂව කරුණු ඉදිරිපත් කිරීමද විශේෂ සිද්ධියකි.

Habili1 600px 16 11 05

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top