Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 05, 2016

සත්‍ය කොමිසම ලබන වසර මුල ! Featured

උතුරු නැගෙනහිර ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පැවැති යුද්ධයේ දී සිදු වූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සත්‍ය, යුක්තිය සහ සංහිඳියාව පිළිබඳ කොමිසම ලබන වසරේ මුල දී පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ ඇමැති මංගල සමරවීර මහතා සත්‍යය කොමිසමක් පිහිටුවන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ පොරොන්දු වී තිබිණි.

කෙසේ නමුත් මෙම කොමිසම පිහිටුවීම පසුගිය සැප්තැම්බර් මාසයේ දී සිදු කිරීමට නියමිතව තිබිණි. එහෙත් ඒ මෙතෙක් ප්‍රමාද වී ඇත.

මෙම සත්‍ය කොමිසම ප්‍රධාන ආගම් නියෝජනය වන ලෙස ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් සානුකම්පිත මණ්ඩලයක් සහ කොමසාරිස්වරුන්ගෙන් සමන්විත වනු ඇති බව ද පැවසේ.

මේ පිහිටුවීම සම්බන්ධයෙන් වන කටයුතු සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ලේකම් කර්යාලය සිදු කරන බව ද වාර්තා වේ.

නෙල්සන් මැන්ඩෙලා :

මෙම සත්‍යය කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් ලොව මුල්ම අත්දැකීම වන්නේ දකුණු අප්‍රිකාවේ වර්ගවාදී අරගලවලින් පසුව සංහිඳියාව ගොඩ නැංවීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් වශයෙනි.

එහි දී 1960 සිට 1994 දක්වා කාල පරාසය තුළ සිදු වූ දේ සොයා බැලිණි.

මෙම කොමිසම පත් කරනු ලැබුවේ නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති ධුරයට පත් 1995 වසරේදීය. මේ අතිශය සාර්ථක වූ බවට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙන සංහිඳියාව සම්බන්ධයෙන් යාන්ත්‍රණයකි.

(මංජුල කුමාර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top