15976 BM WEB BANNER 01
Nov 06, 2016

ජනපති අද ඉන්දියාවට යයි

දුම්කොළ භාවිතය පාලන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වනු ලබන විශේෂ සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීයාවේ නවදිල්ලි නුවරදීය.

එහි ආරාධිත දේශනය ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සමුළුව අමතනු ඇත.

සමුළුවට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

එය බොහෝ දුරට අද පස්වරුවේ පැවැත්වෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top