Nov 06, 2016

සිය දියණියගේ අවසන් කටයුතු තිබියදී කතානායක ලන්ඩනයේ සිට එයි (ඡායාරූප)

සිය කනිටු දියණිය වූ අභාවප්‍රාප්ත ඉන්දිරා ජයසුරිය මහත්මියගේ දේහය ලන්ඩනයේ තැම්පත් කර තිබියදී  ඊයේ (05) බ්‍රිතාන්‍යයේ සිට දිවයිනට පැමිණී කතානායක කරු ජයසුරිය මහතා, පණ්ඩිත් අමරදේවයන්ට අවසන් බුහුමන් දැක්විය.

ඉන්දිරා ජයසුරිය මහත්මියගේ අවසන් කටයුතු මේ මස 11වන දින බ්‍රිතාන්‍යය Kent Bromley සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

කතානායකවරයා, දියණියගේ අවමගුල් කටයුතු සඳහා යලි බ්‍රිතාන්‍ය බලා පිටත්ව යනු ඇත.

ජනාධිපති පවුලේ සාමාජිකයින් :


දැයෙන් සමුගත් අචාර්ය පණ්ඩිත් ඩබ්.ඩි. අමරදේවයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පෙරේදා රාත්‍රියේ (04) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පවුලේ සාමාජිකයන් ද එක්ව සිටියේය.

ජනාධිපති ආර්යාව වන ජයන්ති සිරිසේන මහත්මිය හා ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය එසේ පැමිණ
අමරදේවයන් හට තම අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඔවුන් තම සහෘද කළා කරුවාගේ අභාවයෙන් ශෝකාකුල වූ කළා කරුවන් පිරිසක් සමඟ කතාබහකද නිරතවී සිටි අයුරු දක්නට ලැබිණ.

(උදිත කුමාර විජේසිංහ)

සබැඳි පුවත්
කරු ජයසුරියගේ දියණියගේ අවමගුල 11 දා ලන්ඩනයේදී

karucome1chathu1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top